නිලක්ෂිකාට තවත් සියයක් ලබන්නට තිබුණු අවස්ථාව ගිලිහෙයි; නිමේෂාගෙන් යුද හමුදාව වෙනුවෙන් කඩුලු 5 ක්!

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 06, (LNW) කොළඹ: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයව පන්දු වාර 50 ප්‍රධාන ක්‍රීඩා සමාජ අතර පවත්වන පන්දුවාර 50 තරගාවලියේ පිට පිටම ශතක රැස් කිරීමට තිබුණු අවස්ථාවක් යුද හමුදා කණ්ඩායමේ නිලක්ශිකා ද සිල්වා අතින් මඟ හැරුණා.ඇය කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 63 දී ලකුණු 90 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් ද සමඟයි.නිලක්ෂිකාගේ ලකුණු 90 මෙන්ම ඉමල්කා මෙණ්ඩිස් ලකුණු 78 ක් ද,අනුශ්කා සංජීවනී ලකුණු 48 ක් ද ලබා ගනිමින් යුද හමුදා ඉණිමට දැක් වූ දායකත්වය නිසා ඔවුන් පන්දු ඕවර් 50 නිමාවේ කඩුලු 7 ලකුණු 295 ක් රැස් කරන්නට සමත් වුණා.
පිළිතුරු ඉණිමට පිටියට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම පන්දු වාර 37 ක් නිමා වෙද්දී කඩුලු 8 ක් දැවි ලබා සිටියේ ලකුණු 58 ක් පමණයි.ඒ මොහොතේ ඇති වූ අයහපත් කාලගුණය මත තරගය පවත්වාගෙන යාමට නොහැකි බව විනිසුරුවන් තීරණය කළ අතර ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ යුද හමුදාවට ලකුණු 197 ක ජයක් හිමි වුණා.යුද හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණ නිමාශා මධුශානි ලකුණු 3 ට කඩුලු 5 ක් දවා ගන්නට සමත් වුණා.ඇය පන්දු යාර හතකදී නිලකුණු පන්දු වාර පහක් ද යවමින් මේ දස්කම සිඳු කළ අතර පන්දු වාර 10 යවන ලද සුගන්ධිකා කුමාරි ලකුණු 9 ට කඩුලු 3 ක් දවා ගත්තා.

නාවික හමුදාව සහ ද්‍රවිඩ ක්‍රීඩා සමාජය අතර පැවති තරගයෙන් නාවික හමුදාව ලකුණු 231 ක ජයක් ලබා ගත්තා.නාවික හමුදාවේ ශක්තිමත් ඉදිරිපෙළ පිතිකරුවන් මෙහිදී කැපී පෙනෙන දස්කම් දැක් වූ අතර හසිනි පෙරේරා ලකුණු 59 න් ද,ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 86 න් ද හර්ෂිතා සමරවික්‍රම ලකුණු 51 න් ද නාවික හමුදාව පන්දු ඕවර් 50 තුළ කඩුලු 7 ට රැස් කළ ලකුණු 294 ට දායක වුණා.ද්‍රවිඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් නිමේශා තරුණි විජේසුන්දර ලකුණු 57 ට කඩුලු 4 ක් ද,ශලිනි දසනායක ලකුණු 60 ට කඩුලු 3 ක් දවා ගනිමින් නාවික ප්‍රහාරය එදිරිව යම් අකාරයකට බලපෑමක් ඇති කළා.

පීළිතුරු ඉණිමේදී ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 63 ක් පමණයි.ද්‍රවිඩ ක්‍රීඩා සමාජයට එරෙහිව රශ්මි සිල්වා,නාවික හමුදාව වෙනුවෙන් හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කරමින් ලකුණු 12 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.

ඉතා අඩු ලකුණු ගණන් දෙපිළම වාර්තා කළ තරගයක් වූ කුරුණෑගල යොවුන් කණ්ඩායම සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර තරගයේදි පළමුව පන්දුවට පහර දුන් කුරුණෑගල කණ්ඩායම ලකුණු 86 ක් රැස් කරන්නට සමත් වුණා.ඊට පිළිතුරු ලෙස ඒස් කැපිටල් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 87 ක් ලබමින් තරගයේ ජය කඩුලු 3 න් හිමි කර ගන්නට සමත් වුණා.

ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 70 ට සීමා කළ එන්සීසී කණ්ඩායම එම ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 14.5 දී ඉක්මවා යමින් එක් කඩුල්ලකට ලකුණු 74 ක් ලබා ගන්නට සමත් වුණා.රශ්මි තාරුකා එහිදී එන්සීසී කණ්ඩායම වෙනුවෙන් ලකුණු 16 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.

නදීශා දිල්රුක්ෂි (17/3) සහ නිරාශා ගිම්හානි (11/3) දැක් වූ දක්ෂ පන්දු යැවීම නිසා එස්සීසී කණ්ඩායමට ද ජයග්‍රහණය කරා යන්නට පහසු විය.ඒ බීආර්සී ඛණ්ඩායමට එරෙහිවය.බීආර්සී කණ්ඩායම ලබා ගත් ලකුණු 85 ට පිළිතුරු ලෙස පන්දු ඕවර් 22.2 දී කඩුලු 2 ට ලකුණු 86 ක් ලබා එස්එස්සී කණ්ඩායම ජයග්‍රහණය කරන්නට සමත් විය.

චිලව් මේරියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි ඉඩක් තිබුණු ඔවුන් සහ සීසීසී කණ්ඩායම අතර පැවති කරගය තීරණයකින් තොරව අවසන් වන්නට අයහපත් කාලගුණය හේතු විය.පළමුව පන්දුවට පහර දුන් චිලව් කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 263 ක් රැස් කරන්නට සමත් විය.

මේරියන්ස් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 61 ට දැවී ගිය මොහොතේ පිටියට පැමිණි සුමුදු නිසංසලා නොදැවී අගනා ලකුණු 84 ක් ලැබීම මේරියන්ස් කණ්ඩායමේ ලකුණු පූවරුව 263 ක් වැනි ගණනකට පොහොසත් වෙන්නට බෙහෙවින් බලපෑවේය.කාව්‍යා කාවින්දි ද නොදැවී ලකුණු 55 ක් ලැබීය.පිළිතුරු ඉණිම වෙනුවෙන් පිටියට පිවිසි සීසීසි පිතිකාරිණියන්ට මුහුණ දෙන්නට සිඳු වූයේ පන්දු වාර 9.2 ක් පමණක් නිසා තරගය තීරණයක් නොමැතිව අවසන් විය.

වර්ෂාව පැවතුණද චිලව් මේරියන්ස් සහ සිසීසී තරගයත් ගුවන් හමුදාව සහ පානදුර කණ්ඩායම් අතර තරගය එක පන්දුවක් හෝ නොයවා අත හැර දැමීමත් හැරුණු විට නොවැම්බර් 4 සහ 5 පැවති සියලුම තරග තීරණයක් සහිතව අවසන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට...

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...