ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය ඇගයීමේදී සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60 ක් දක්වා ළඟා වෙමින් පෙර වසරට සාපේක්ෂව 1.77% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති,ප්‍රධාන විධායක අධ්‍යක්ෂ, මංගල විජේසිංහ මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදීය.

අගෝස්තු මාසය තුළ සේවා අපනයන අංශය 13.97% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 331.87 ක් බවට පත්වෙමින් සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන අතර භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.27 ක් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව 2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී තිබේ.

එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමක් බවද මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද...

චාමර සම්පත් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ...

තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන භූමියක් බවට පත් කරයි!.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ LNW : මිනිසුන් සහ වන...

විවිධ කම්පන මැද වුවද 2026 පළමු අර්ධයේ රට ස්ථාවරයි – මහ බැංකුව කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය විවිධ කම්පන මධ්‍යයේ වුව...