දැදුරු ඔයේ ඛේදවාචකය : දියේ ගිලී මියගිය ගණන 5 දක්වා ඉහළට

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (05) පස්වරුවේ දැදුරු ඔයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී මියගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබේ.

කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව ඇත.

අදාළ තරුණයින් පිරිස දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් ඔවුන් බේරාගැනීමට දැඩි උත්සාහයක නිරත වූවත් එම අවස්ථාවේදී ඔවුන්ට සොයාගැනීමට හැකිව තිබුණේ එක් තරුණයකු පමණි. ඔහුව කඩිනමින් හලාවත මහ රෝහලට ගෙන ගියත් ඔහු ද මියගොස් ඇති බව ඊයේ රාත්‍රියේ වාර්තා වී තිබිණි.

දියේ ගිලී අතුරුදන්ව සිටි අනෙක් තරුණයින් සිව්දෙනාගේ මළ සිරුරු ඊයේ පස්වරුවේ හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් සොයාගෙන ඇත.