බණ්ඩි පොහොර මිල 50%කින් අඩු කිරීමේ සැලැස්මක්!

කොළඹ LNW: MOP හෙවත් බණ්ඩි පොහොර මිල තවත් 50%කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

දැනට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28,600ක් පවතින බව සඳහන්.

එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මගින් 50%ක මිල අඩු කිරීමක් කළ හැකි බව රජයට අයත් බණ්ඩි පොහොර සමාගම්වල සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කර ඇත.

ඒ අනුව බණ්ඩි පොහොර මිල 50%කින් අඩු කිරීමට අදාල කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය ලැබෙනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේක්ෂා කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...