රනිල් වික්‍රමසිංහ හිතනවා තොරතුරු වාරණය කරලා ගේම ගහගන්න පුළුවන් කියලා – රවී කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකාවෙ මිනිස්සු බහුතරයක් එකතුවෙලා රට පාලනය කරපු ජනාධිපතිවරයා ගෙදර යැව්වාට වර්තමානය වන විට තාම රට පාලනය කරන්නේ ඒ ආණ්ඩුවම බවත්, ආණ්ඩුව ජනතාවගේ කට වැසීමෙන් මේ කරන්නේ පරණ ,මෝඩ , මුග්ධ ක්‍රියාවක් බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මහතා පවසයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන රවී කුමුදේශ් මහතා ,

‘ලංකාවෙ මිනිස්සු බහුතරයක් එකතුවෙලා රට පාලනය කරපු ජනාධිපතිවරයා ගෙදර යැව්වාට අපිට දැන් ඉතාම පැහැදිලියි තාම රට පාලනය කරන්නේ ඒ ආණ්ඩුව ම තමයි. එක පැත්තකින් ජනතාවගෙ කටවහන්න හදන ආණ්ඩුව මේ කරන්නේ හරි පරණ වැඩක් , හරි මෝඩ වැඩක් මුග්ධ වැඩක්. එහෙම නැත්තං නොදියුණු වැඩක්.

රනිල් වික්‍රමසිංහ හිතනවා තොරතුරු වාරණය කරලා ගේම ගහගන්න පුළුවන් කියලා, දැන් මේ කට වැහීම කියලා ආණ්ඩුව කරන එකෙන් දෙකක් වෙනවා , ඒ තමයි ආණ්ඩුව අන්ධ වෙන එක සහ ආණ්ඩුව බිහිරිවෙන එක, ආණ්ඩුව හිතනවා අන්ධයි , බිහිරි වුණයි කියලා ආණ්ඩුවට සිද්ධවෙන දේවල් ටික නවතියි කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මතක තියාගන්න ඕනේ එයාට ඇහෙන්නෙ නැති වෙන්න පුළුවන්, එයාට පේන් නැති වෙන්න පුළුවන් ,හැබැයි සිද්ධ වෙන්න ඕනි දේවල් සමාජ වටපිටාවෙ සිද්ධ වෙනවා, ඒක නවත්තන්න අර පේන්නැති වෙන්න තමන්ගෙ ඇස් දෙක සහ කට වහගත්තා වගේ එකක් තමයි මේ කරන්න යන්නේ.

තව එකක් තමයි මිනිස්සුන්ගෙ කට වැහුවහම මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ, මිනිස්සුන්ට හැඟීම් ප්‍රකාශ කරන්න වෙන්නේ අතින් පයින් සහ අනිකුත් ප්‍රචන්ඩ ක්‍රියාමාර්ග වලින් , ඒ නිසා එක පැත්තකින් ආණ්ඩු අන්ධ වෙනවා ආණ්ඩුවබිහිරි වෙනවා, අනිත් පැත්තෙන් මිනිස්සු ප්‍රචණ්ඩ වෙනවා , මේ නිසා මේ රට ආයෙත් අරගලයකට ඇත්නම් නොසන්සුන්කාරී කාරී තැනකටයි යන්නෙ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිතාගෙන ඉන්නවා මට පුළුවන් මානව පරිණාමයත් ඕනිනම් නවත්තලා දාන්න පුළුවන් කියලා , ජේ.ආර්. ජයවර්ධන කිව්වේ මට ගෑනියෙක් පිරිමියෙක් කරන්න බැරි එක විතරයි කියලා ,හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිතාගෙන ඉන්නවා මානව පරිණාමයත් ඕනේ නම් එතුමන්ට නවත්තලා දාන්න පුළුවන් මම දැන් ඉන්නේ ලංකාවේ විධායක ජනාධිපති පුටුවෙ කියලා, ඕක තේරෙන කොට ටිකක් පරක්කු වෙලා තියෙයි,

කොහොම වුනත් අපිට කියන්න තියෙන්නේ අපේ රටේ මිනිසුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමේ උවමනාව ශිෂ්ඨසම්පන්න විදිහට කරන්න දෙන්නෙ නැත්තං, ඒක වෙන ක්‍රමයකින් හරි කරන්න අපට සිද්ධ වෙනවා, ඒ නිසා අපි ලෑස්තියි ඒකට මුහුණ දෙන්න, ඒ නිසා මේ රටේ සියලුම පුරවසියන්ට කියනවා අපි මේකට ආරම්භයක් තියමු, මේ මාසේ 06 වනදා අද පදනම් ආයතනයට අපි එකතුවෙලා වාරණ නීතිය නැවැත්වීමේ මහජන ව්‍යාපාරය තුළින් රනිල් වික්‍රමසිංහ දියුණු මනුස්සයෙක් කරන්නේ කොහොමද කියලා දෙනවා වගේම, දියුණු පාලනයක් ඇති කරන්න අපි අපේ අරගලය පටන් ගන්නවා.

ඒ වගේම ඉතාම පැහැදිලිව රනිල් වික්‍රමසිංහ කියනවා මේ ආර්ථිකය කඩා වැටිච්ච රටේ ආර්ථිකය හදන්න තමයි මේවා කරන්නෙ කියලා. කරුණාකරලා ඔය කාරණා ටික කියලා මැතිවරණයකට යන්න. මේ රටේ මිනිස්සුන්ට කියන්න මට ආර්ථිකය හදන්න නම් මිනිස්සු කටවහන්න ඔනෙ මිනිස්සු ඇස් වහන්න ඕනි මිනිස්සු කියන කියන දේ කරන්න ඕනේ මිනිස්සු ජනාධිපතිවරයාට ඕන ඕන දේවල් කරන්න ඕනි කියලා , කියලා ඡන්දයක් තියලා ඇවිල්ලා පුලුවන්නම් ඔය ටික කරන්න. එනිසා මෙහෙම ජනාධිපති වෙලා ඔබට කිසිම අයිතියක් නෑ මේ රටේ මේ වගේ පනත් වලින් ගේම් ගහන්න. එනිසා එකට විරුද්ධව මේ රට පෙළ ගැහෙන්න දිය යුතුමයි කියලා අපි ඉතාම අවධාරණයෙන් කියා සිටිනවා”

ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.හැමෝම සහය වෙන්න – නි. ඇමති මහින්ද ජයසිංහ (VIDEO)

කොළඹ LNW:රට වෙනස් කිරීමේ කටයුත්ත ආණ්ඩුවක් ලෙස තනිව කළ...

ඊශ්‍රායලයේ වාණිජ නගරයක් වන ටෙල් අවිව් වෙත ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ වාණිජ...

අනාරක්ෂිත දරුවන් වෙනුවෙන් වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : ළමා හා කාන්තා...

ඔබත් හසුවූවාද? එසේනම් වහාම අමතන්න..

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...