*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ජනතාවට ශටප් කියද්දී මාධ්‍යයට සිට්ඩවුන් – ජනාධිපති රනිල්ගේ අලුත් ක්‍රමේ මෙන්න!

කොළඹ LNW:ජනාධිපතිවරයා දැන් අවධාරණය කරමින් සිටින්නේ රටේ සිදුවන වංචා දූෂණ ගැන කතා නොකර ආණ්ඩුවේ ක්‍රියාකලාපය එලෙසින්ම භාරගන්නා ලෙස යැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) පස්වරුවේ කොළඹදී පැවති ”කටවහන නීති එපා” සම්මන්ත්‍රණය අමතමිනි.

මේ වන විට පෙළපාලියක් යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන අතර දෙතුන් දෙනෙක් ආවත් පොලීසියෙන් සීයක් පමණ පැමිණෙන බවයි පීරිස් මහතා පැවසුවේ.

කටවහන නීති මඟින් සිදුවන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය අහෝසි වීමේ හෙයින් ඒ ගැන අවධානය යොමුකළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

”ජනතාවට දැන් ජනාධිපතිවරයා කියන්නේ ශටප් කියලා. රටේ සිදුවන දූෂණ ගැන කතාකරන්න එපා කියලා. රජය කරන දේවල් එහෙම්මම භාරගන්න කියලා කියන්නේ. මේ වෙනකොට පෙළපාළියක් යන්න බෑ. දෙන්නෙක් තුන්දෙනෙක් පෙළපාළියක් ගියත් පොලීසියේ සීයක් විතර එනවා. වෘත්තීය සමිති කටවහලා.පාර්ලිමේන්තුව කට වහලා. මාධ්‍යට සිට්ඩවුන් කියලා තියෙන්නේ. අධිකරණ විනිසුරුවන්ට පණිවිඩයක් එවලා තියෙනවා සිට්ඩවුන් කියලා. පොලිස්පතිවරයාගේ සිද්ධියේදී ව්‍යවස්ථා සභාවටත් සිට්ඩවුන් කියලා පණිවිඩේ එවලා තියෙන්නේ. ජනතාවගේ අදහස් ආරක්ෂා කරන්න අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන්න ඕන. අධිකරණය පිළිබදව පමණක් විශ්වාසය තියන්න එපා. මේ වට අත උස්සන මන්ත්‍රීවරුන් දැනගන්න ඕන ඔවුන්ට එරෙහිව මේක භාවිතා කරන්න පුලුවන් කියලා. කටවහන නීති තුළින් වන්නේ ජනතාවගේ පරාමධිපත්‍ය විනාශ වෙන එක. සියලුදෙනා මේ ගැන අවධානය යොමුකර කටයුතු කරමු.” යනුවෙන් සාලිය පිරිස මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

නීතිඥ සාමූහිකය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පනත හා ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan