ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වෙමින් සිටි යුක්රේන සොල්දාදුවන්ට රුසියාව එල්ල කළ ප්‍රහාරයට සෙලෙන්ස්කි වඟ උත්තර ඉල්ලයි!

0
384

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සිකුරාදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයක් අතරතුර මිසයිල ප්‍රහාරයකින් මියගිය සොල්දාදුවන්ගේ පවුල්වලට පිළිතුරු ලබාදෙන ලෙස යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඉල්ලා තිබේ.

දකුණු දිග Zaporizhzhia ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල රුසියානු ප්‍රහාරයකින් එහි සෙබළුන් 19 දෙනෙකු මිය ගිය ගොස් තිබේ.

128 වන කඳුකර ප්‍රහාරක බලකාය පැවසුවේ ඔවුන් සතු හොඳම සෙබලුන් එහිදී මිය ගොස් ඇති බවයි.

එම සිදුවීම වැළැක්විය හැකිව තිබූ බවට ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශයක් සිදු කළේය.