ලොහාන් සහ බිරිඳ ගැන ලැබුණු නවතම ආරංචිය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ (LNW):

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ඒ නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළවයි.

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගත් අතර පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව පසුව නොවැම්බර් මස 2 වෙනි දා බන්ධනාගාර රෝහලවෙත මාරුකර යැවුණි.

එහිදී ලොහාන් රත්වත්තේ මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ අතර, නොවැම්බර් මස 3 වනදා ලොහාන් රත්වත්තේ මහතාව ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුව සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමුකර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පසු වූ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් ගංගොඩවිල අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මස 4 වන දා අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණු බව සඳහන් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...