ජනාධිපතිතුමා පොරොන්දු කඩ කළාට අපි නම් කියපුවා කළා – සජිත්

Date:

කොළඹ LNW: එළැඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා සමගි ජන බලවේග රජයක් පිහිටුවා ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට අනිවාර්යයෙන් විසදුම් ලබා දීමට කැපවෙන බව සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට කියු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

ඔහු මෙම බව කියාසිටියේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉන්ධන මිල සූත්‍රයේ වහලෙකු වී ජනතාවට ඉන්ධන සහනය හෝ දීමට අපොහොසත් වූ බවයි.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටත් ජනතාවත් අමාරුවේ දමා ගෙදර ගිය නිසා රටටත් ජනතාවටත් වාසි දායක IMF ගිවිසුමක් ගෙන ඒමට නම් සමඟි ජන බලවේගය බලයට ආ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...