ජනාධිපතිතුමා පොරොන්දු කඩ කළාට අපි නම් කියපුවා කළා – සජිත්

Date:

කොළඹ LNW: එළැඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා සමගි ජන බලවේග රජයක් පිහිටුවා ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට අනිවාර්යයෙන් විසදුම් ලබා දීමට කැපවෙන බව සමඟි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට කියු පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

ඔහු මෙම බව කියාසිටියේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදීය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉන්ධන මිල සූත්‍රයේ වහලෙකු වී ජනතාවට ඉන්ධන සහනය හෝ දීමට අපොහොසත් වූ බවයි.

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය රටත් ජනතාවත් අමාරුවේ දමා ගෙදර ගිය නිසා රටටත් ජනතාවටත් වාසි දායක IMF ගිවිසුමක් ගෙන ඒමට නම් සමඟි ජන බලවේගය බලයට ආ යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...