සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනක දිවයින ලෙස ශ්‍රී ලංකාව රන් සම්මානයට!

Date:

කොළඹ LNW: 2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island ) ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ,ලන්ඩනයේ පැවති The Wanderlust Reader Travel Awards 2024 සම්මාන උළෙලේදීයි.

මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවුයේ 8වන ස්ථානය වන අතර ලක්ෂ 2කට අධික සංචාරකයින් පිරිසක් මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මනාපය පළ කර ඇත.

එම සම්මාන කාණ්ඩයේ දෙවන ස්ථානය තායිවානයටත් තුන්වන ස්ථාන පුවර්ටෝ රිකෝ යන දිවයිනත් දෙක හිමිකර ගෙන තිබේ.

කාණ්ඩ 22ක් යටතේ මෙම සම්මාන උළෙල පැවති අතර ලොව පුරා සිටින සංචාරකයින් මිලියන 3කට අධික පිරිසක් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දැක්වෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශක 06කට පසු ප්‍රතිසංස්කරණය වන කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ..(1964 – 2025)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : වසර 60කට පසුව...

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...