ලෝකයේ ඕනෑම කෙනෙකුට සටනක් දිය හැකි බව සහතික කරන විරේන්

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW:

ලොව අංක 44 ට ශ්‍රේණිගතව සිටින ඉන්දුනීසියාවේ චිකෝ අවුරා පරාජය කරමින් IKSAN VICTOR Korea Masters 2025 බැඩිමින්ටන් සූරතාවලියේ අවසන් 16 දෙනා අතරට පිවිසි විරේන් නෙත්තසිංහ ඉන්දුනීසියාවේ මෝහ් ෂාකි උබයිදිල්ලාහ් ඉදිරියේ වට 2-1 ක් ලෙස තියුණ තරගයකින් ඉනික්බිති පරාජයට පත් විය.
මොහ් ෂාකි ලොව 53 වන තැන සිටින ක්‍රීඩක

යා වන අතර ඔහුට විරේන් අභිබවා තරගයේ ජය අත් පත් කර ගන්නට පැයකුත් විනාඩි 08 ක කාලයක් ගත කරන්නට විය.ලකුණු 21 – 16,16 – 21 සහ 21 – 14 ක් ලෙස ලකුණු තත්ත්වය තීරණය වූ එම තරගයේදී මෝහ් ෂාකි ජයගත්ත ද,විරේන් මේ වන විට ලෝකයේ ඕනෑම ඉදිරිපෙළ ක්‍රීඩකයෙකුට සටනක් දිය හැකි මට්ටමෙන් වැඩී තිබෙන බව පැහැදිළි කිරීම සුභ ලකුණකි.


ඉන්දුනීසියාව ලෝකයේ ඉහළ බැඩිමින්ටන් සංස්කෘතියක් ඇති රටක් හැටියට හැඳින්විය හැකි අතර ඒ නිසා වෘත්තීය බැඩ්මින්ටන් ක්‍රීඩකයන් හැටියට ඔවුන්ට ලැබෙන පහසුකම් සහ අවස්ථාවන්ට සපේක්ෂව ඉතා සුළු ඉඩක් සහිතන සිය බැඩිමින්ටන් ජීවිත කළමණාකරණය කර ගන්නා විරේන්ලා පෙන්වන්නේ ඉතා අඩු ඉඩක් තුළ වැඩි ඉඩක් තිබෙන රටවල ක්‍රීඩකයින්ට දැක්විය නොහැකි දස්කම් බව මෙහිදී අවබෝධ කර ගැනීම වැදගත්ය.


ඇතැම් විට රොහාන් පෙරේරා වැනි සභාපතිවරයෙකු නොපැමිණියානම් අද වන විට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 න් මෙපිටට පැමිණ සිටින විරේන් මෙන්ම දුමිඳු ද,රනිත්මා වැනි ක්‍රීඩිකාවන් ද මේ කාලය වන විට නොසිටින්නට තිබිණ.දැනටත් රොහාන්ගේ ව්‍යාපාර ආශිර්වාදය ඇතුළු පෙරට ඇඳෙන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සභාපති රොෂාන් ගුණවර්ධනට ඇති අභියෝගය තවත් අනුග්‍රාහක මාර්ග විවෘත කර ගනිමින් 2028 ඔලිම්පික් උළෙල වන විට ශ්‍රී ලංකාවෙන් මේ 100 න් මෙපිටට පැමිණ තිබෙන තිදෙනාටම වැඩි ජාත්‍යන්තර අවස්ථා දෙමින් ඔවුන් තිදෙනාම ඔලිම්පික් නියෝජනය මට්ටමට රැඟෙන ඒමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බලන්ගොඩ පොලිස් නිලධාරියෙක් වෙඩිවැදීමෙන් රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (24) පස්වරුවේ...

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...