2026 අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය හෙට සිට දෙසැම්බර් මස 5 දින දක්වා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතව තිබේ.

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකෙරෙනු ඇති.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෑම දිනකම අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවයි.

2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

හෝමාගම පොලීස් අත්අඩංගුවේදී තරුණයෙක් මියයාම – පොලිස් නිලධාරීන් ඇතුළු 17කගෙන් ප්‍රකාශ අරන්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු...