*
Friday, October 18, 2024
spot_img

Latest Posts

තරඟකාරී ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට දේශීය කර්මාන්තකරුවන්ට අවස්ථාවක්

ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සකස් කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමේ තරගකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තකරුවන් සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම රජය සැලසුම් කරයි.

මෙහි ප්‍රධාන අරමුණ;

රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුලපිරීම පහසු කිරීම සඳහා විදේශ රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කඩිනම් කිරීම වේ.

ඒ අනුව,

ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වෙත තවදුරටත් සාර්ථක ලෙස අපනයන කටයුතු විනිවිද අයුරින් සිදුවන අතර ,තවදුරටත් අපනයන ඉහළ නැංවීම සඳහා විශාල සහ නැගී එන ආර්ථිකයන් ඉලක්ක කර ගනිමින් පුළුල් නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ උත්සාහයක රජය මේ වන විට නියැලී සිටී.

මේ සඳහා ජාතික වෙළඳ සාකච්ඡා කමිටුවක් (NTNC) පිහිටුවීමට රජය පියවර ගෙන ඇත.

මෙම කමිටුවේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ;

විශාල සෘජු විදේශ ආයෝජන සහ අපනයන විභවයන් බහුලව පවතින සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් දේශීය කර්මාන්තවලට ප්‍රාග්ධන යෙදවුම් සහ අමුද්‍රව්‍ය ලබා ගත හැකි ඉන්දියාව, චීනය සහ තායිලන්ත වෙළඳපොළවල් සඳහා උපායමාර්ගික වැදගත්කමක් ඇති නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත පණ ගැන්වීමයි.

මේ අනුව ජාත්‍යන්තර වෙළෙඳාමට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා සකස් කරමින් ජාත්‍යන්තර වෙළෙඳාමේ තරගකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තකරුවන් සඳහා වෙළෙඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

සෘජු විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා සේවා අංශය ක්‍රමානුකූලව ලිහිල් කිරීමේ අවශ්‍යතාවය සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට පියවර ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ නිලධාරීන් සමඟ සිකුරාදා (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අංගයක් වන්නේ අපනයන සහ අපනයනය ඉලක්ක කරගත් සෘජු විදේශ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා කලාපීය සහ ගෝලීය සැපයුම් දාමයන් වෙත ප්‍රවේශ වීම සහ ගෝලීය ආර්ථිකය සමඟ නැවත සම්බන්ධ වීමයි.

ජනාධිපති ලේකම් සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාරය, වාණිජ දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සහ රේඛීය අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් කිහිප දෙනෙක් මෙම රැස්වීමට සහභාගී වූහ.

රෂිකා සඳමාලි හෙන්නායක
2022.11.07

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan