පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබේ.
ඒ, කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය හරහා නීතිවිරෝධී ලෙස රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධ සිද්ධියට අදාළව ය.
මෙම වරදට අදාළව ශ්‍රී ලංකා රේගුව විසින් මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කර තිබිණි.
RN
