*
Tuesday, May 14, 2024
spot_img

Latest Posts

මිනිස් හා සත්ව පැවැත්මට අර්ථයක් පවතීද ?

ලෝකයේ පවත්නා සත්ව හා මිනිස් පැවැත්මට අර්තයක් පවතීද ? හදිසියේ ඇතිවන සුනාමියකට හෝ බූකම්පනයකට අදාල භූගර්බ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඇතැත් එහිදී මිනිසුන් තොග පිටින් විනාශ වීම පිළිඹඳ හේතු දැක්වීමක් හෝ අර්ත දැක්වීමක් පවතීද..ඒ තොග පිටින් විනාශවෙන මිනිසුන් යනු පෘතුවියෙ තිබූ මිනිස් අතිරික්තයක්ද…නැත්න්ම් මිනිසුන් යනු ඕනෑම මොහොතක හේතු රහිතව තොග පිටින් විනාශවී යාහැකි ලුනු කැට වැනි සරළ භෞතිකයක්ද?

සසර, කර්මපලය දේව කැමැත්ත යන දෑ මෙහි ඇත්ත හේතුව සොයාගත නොහැකිව ඒ වෙනුවට මිනිසා මවාගත් ව්‍යාජ හේතූන් සහ අර්ථ දැක්වීම් වේ..

මිනිසාට ජීවයේ සම්බවය සහ පරිනාමය සම්බන්දව හේතු ගලපාගත හැක නමුත් ජීවයේ සහ මිනිස් පැවැත්මට අදාල හේතු දැක්විය නොහැකිය ..

යුද්ධ වැනි මිනිසා විසින් කෘතීමව නිර්මානය කරගත් විනාශයන් තුලින් නැතිවන ජීවිත සම්බන්දව හේතුද, වරදකරුවන්ද සිටිතැයි පෙනෙතත් ඒවාද ඒ මියයෑම් තුලින් මතුවෙන මිනිස් කම්පනය ප්‍රක්ශේප්පනය කිරීමට පන ඇති මිනිසා සොයා ගත් ව්‍යාජ හේතූන් පමණක් බව පෙනේ..මන්ද යුද්ධ යනුද නිශ්චිත ඓතිහාසික තත්වයක් මිස පුත්ගල වරදක් නොවන බැවින්..

යම් දිනෙක පෘතුවි ග්‍රහ වස්තුව වෙනත් දෙසකින් එන දැවැන්ත ග්‍රාහකයක වැදී පෘතුවිය විනාශ උවහොත් ඊට අදාල ග්‍රහවස්තුවල භෞතික චලනයන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබිය හැකිය, නමුත් එහිදී විනාශවෙන පෘතුවියෙ සමස්ත මිනිස් ජීවය ගැන විග්‍රයක් පවතීද..එහිදී මිනිසා යනු පෘතුවියේ වැලි ගල් ග්‍රාහක කැබලි වැනිම අංශු ගොඩක්ද්? එහිදී අපට ලැබුනා යැයි කියන දුර්ලබ මිනිස් ආත්මය පෘතුවි පස් දූවිලි වලම තවත් හුදු සංඝටකයක් පමණද..

පැරණි ඉන්දියානු දාර්ශනිකයෙකුට අනුව භූකම්පනයකදී මහා පස් ගොඩකින් මිනිසුන් සමූහයක් වැසී යාම යනු එක් භ තිකයක් තවත් භෞතිකයකින් වැසීයාම පමණි..

ඇයි අපි ඉපදුනේ .. ඇයි අපි ඉන්නෙ? යන ගැටලුව අනාදිමත් කාලයක සිටම මිනිසා පිළිතුරු සෙවූ සහ එහෙත් උත්තර නැති සදාතනික ගැටලුවකි ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan