ඊශ්‍රායලයේ දී හමාස් ප්‍රහාර වලින් මියගිය සුජිත් යටවර මහතාගේ දේහය තානාපති කාර්‍යාලයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටියදී හමාස් ප්‍රහාරයෙන් මියගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය තානාපති කාර්යාලය වෙත භාර ගත් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති ගාසාහි පලස්තීනුවන්ගේ ගණන 10,000 ඉක්මවා ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කාමීන් විසින් ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායල ජනපද ඉලක්ක කර සිදුකළ ප්‍රහාර හේතුවෙන් 1,400ක් පමණ මරණයට පත්වූ අතර, එම ජනපද වල සිටි 240ක් පමණ දෙනා මේ වන විට ගාසා තීරය තුළ ප්‍රාණ ඇපකරුවන් ලෙස සඟවා සිටින බව සඳහන් වේ.
ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරන තුරු ප්‍රහාර නතර නොකරන බව ඊශ්‍රායලය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...