අධ්‍යාපනයට සුභ පණිවුඩයක්! 2024 අයවැයෙන් අධ්‍යාපනයට රු. බිලියන 237ක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත , 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ, එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කල සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් 09 ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වන බවත්ය.

එසේම 2024 පෙබරවාරි 19 වනදා නව වසරේ පළමු පාසැල් වාරය ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවත් සඳහන් කළේය.

මේ අතර පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් ඉදිරිපත් කිරීමට මෙවර රජය කටයුතු කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කර තිබේ. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, වියදමට සරිලන ආකාරයේ ආදායමක් ජනතාවට ලැබිය යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය යෝජනා මේ වන විටත් මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළ කන්නයට ප්‍රමානවත් පොහොර තොග මෙරට තියෙනවා – නියෝජ්‍ය ඇමති නාමල්

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : යළ කන්නයට ප්‍රමානවත්...

‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට...

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...