ඇද හැලෙන මහ වැසි හමුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ඉහළට

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): මහවැලි ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත මධ්‍යම කදුකරයේ ජලාශවල ජල මට්ටම් සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් පවතී.

කඳුකරයේ විදුලි උත්පාදනය කරන ප්‍රධාන ජලාශය වන වික්ටෝරියා ජලාශය සමස්ථ ජල ධාරිතාවයෙන් 78.5%ක් දක්වා ජල ධාරිතාව වැඩි වී ඇත. එහි උපරිම ජල ධාරිතාව කියුබික් ඝන මීටර් මිලියන 722කි.

කොත්මලේ ජලාශය සමස්ථ ජල ධාරිතාවයෙන් 76.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රන්දෙණිගල ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 40.3%කි.

රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව මේ වන විට 40.3%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිකුත් කළ දත්ත වාර්තාමේ සඳහන්.

ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන වැසි හේතුවෙන් පොල්ගොල්ල ජල හැරවුමේ වාන් දොරටු නිරත්තරයෙන් විවෘත කරන බැවින් පහළ මහවැලි ගංගාව පරිහරණය කරන පිරිස් විමසිලිවත් වන ලෙස එහි කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ටෙහෙරානයේ හදවතට’ ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක ඇමති නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...

සභා 200ක් මාලිමාව අතේ!

කොළඹ LNW:පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව මේ වන...

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...