ගොවීන්ට සහනයක්! ගොවියෙකුට ලීටර් 40ක් බැගින් ඩීසල් ‌

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැඟින් ලබා දෙන වන්දි මුදලට අමතරව , පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක් බැගින් ඉදිරි දින දෙක තුළ ඩීසල් ‌බෙදාහැරිමට නියමිත බවයිව වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...