ජනපතියි,ක්‍රීඩා ඇමතියි කමිටු සූදුවක – විපක්ෂ නායකගෙන් චෝදනා! (VIDEO)

කොළඹ LNW:ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ වංචා හොරකම් තුළ යම් කිසි වෙනසක් ඇති කරන්න ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුවක් පත්කර ඇති බවත් මෙසේ කමිටු පත් කරනවා සේම පාසල්, නගරය, සංගම්, දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරිමට එතුමාට ඇති වැඩපිළිවෙළ මේ සතිය තුළ පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මෙම අතුරු කමිටුවේ වැඩ අධීක්ෂණය කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කිරීමම වඩාත් විහිළු සහගත කරුණක් බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

මෙය කමිටු සූදුවක් බවත් තමා විශ්වාස කරන ආකාරයට ක්‍රිකට් පරිපාලනයේ සිටිය යුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා ශූරතා දැක්වූ මෙන්ම දූෂණ වංචා චෝදනා ආදිය නොමැති පුද්ගලයන් බවත් හෙතෙම කියාසිටියේය.

මෙම ගැටලුවේදී ක්‍රීඩා ඇමතිවරයා එක් මතයක් සහ ජනාධිපතිවරයා තවත් මතයක් දැරුවොත් නැවත අර්බුධකාරී තත්ත්වයක් නිර්මාණය වී ගැටලුව උත්සන්න වන බව ද ප්‍රේමදාස මහතා පෙන්වාදුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...