ගොවීන්ට සහනයක්! ගොවියෙකුට ලීටර් 40ක් බැගින් ඩීසල් ‌

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැඟින් ලබා දෙන වන්දි මුදලට අමතරව , පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වගා හානි සිදුවූ ගොවින්ට ලබා දිය යුතු සහන පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එක් ගොවියෙකුට ලීටර් 40ක් බැගින් ඉදිරි දින දෙක තුළ ඩීසල් ‌බෙදාහැරිමට නියමිත බවයිව වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...