උතුරු ගාසා තීරයේ හමාස් බලකොටුව ඊශ්‍රායලය සියතට ගනියි; මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හමාස් ඉලක්ක වෙත දිගින් දිගටම එල්ල කරන ලද ප්‍රහාර ගණනාවකින් අනතුරුව උතුරු ගාසා තීරයේ හමාස් බලකොටුව තමන් සියතට ගනු ලබූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) තහවුරු කර තිබේ.

ඊයේ(06)දිනය තුළ පමණක් ඊශ්‍රයල හමුදාව හමාස් ඉලක්ක වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර 450කත අධික සංඛ්‍යාවකින් පුද්ගලයන් 200 දෙනෙකු මිය ගිය අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇමරිකා එක්සත් ජනපදය හා පැවති සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කර තිබුණේ, යුද්ධය අවසන් වීමෙන් පසු ඊශ්‍රායලයට ගාසා තීරය අවිනිශ්චිත කාලයක් පාලනය කරනු ඇති බවයි.

ඊශ්‍රායල් අගමැතිවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර තිබුණේ, යුද්ධය වසන් වීමත් සමඟ හමාස් සංවිධානය නැවත සංවිධානය වීම වැලැක්වීම වෙනුවෙන් ඊශ්‍රායලයට මෙලෙස ආරක්ෂකමය වගකීමක් දැරීමට සිදුවනු ඇති බවයි. නෙතන්යාහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බිගෙන් කරන ලද විමසීමකදී ගාසා තීරයේ පාලනය පශ්චාත්-ගැටුමකින් කෙසේ විය යුතුද යන්න පිළිබඳව අපි අපගේ ඊශ්‍රායල සගයන් සමඟ සංවාද කරමින් සිටින බවයි.

ඒ අනුව ඊශ්‍රායලය හා හමස් අතර යුද්ධය ඇති වී මාසයක් ගතවන තැන ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලය සිය මෙහෙයුම් ආරම්භ කළ දා සිට 4,000ක් ඉක්මවන ලද දරුවන්ද සහිතව 10,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ. ගාසා තිරය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ගාසා තීරය මේ වන විට “දරුවන්ගේ සොහොන් පිටියක් බවට පත්වෙමින් ඇති” බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...