*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ගෙවල් ගිනිතියල,පහර දීලා වෙනසක් කරන්න බැහැ.නීත්‍යානූකූල වෙන්නේ – රංගේ බණ්ඩාර

කොළඹ LNW: ගෙවල් ගිනිතියමින් පහර දෙමින් වෙනසක් අපේක්ෂා කළ නොහැකි අතර එය සිදුකළ යුත්තේ නීත්‍යානූකූලව බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාපැවසුවේය.

රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ අද (07) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

විශේෂයෙන්ම හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුත්තේ කොහොමද? දේශපාලනඥයින්ගේ දේශපාලන පිටිය සකස් විය යුත්තේ කෙසේද ? කියන කාරණා පිළිබඳව ජනාධිපතිවරයා කමිටුවක් පත් කර තිබෙන බවත් මෙම කමිටුවට ඕනෑම කෙනෙකුට අදහස් දැක්වීමේ හැකියාව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

එම නිසා වෙනස කරන්න අවශ්‍ය පසුබිම ජනාධිපතිවරයා නිර්මාණය කර තිබෙන බවයි ඔහු කියාසිටියේ.

”කාගෙවත් ගෙවල් ගිනි තියලා, මිනිස්සුන්ට පහර දීලා, වෙනස අපේක්ෂා කරන්න බෑහැ. නීත්‍යානුකූලව ඒ වෙනස ලබා ගත යුතුයි. ඒ නිසා ඒ නීත්‍යානුකූලභාවය ට අවශ්‍ය නිත්‍යානුකුල පදනම මේ සමග නිර්මාණය වෙනවා. ඒකටත් කියන්න හදන්නේ මැතිවරණ කල් දාන්න, ඡන්ද ගුණ්ඩුවක් විදියට මේක පාවිච්චි කරනවා. ජනාධිපතිවරණය සහ අනෙකුත් මැතිවරණ කල් දාන්න හදනවා කියලා චෝදනා කරනවා.
ඒ වගේම වෙරිටේ රිසර්ච් ආයතනය වර්තමානයේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයාට තිබෙන ප්‍රසාදය 9% දක්වා අඩුවෙලා කියලා ප්‍රකාශ කරනවා. කලින් 34% ක් ජනාධිපතිතුමාට තිබුණු ජනප්‍රියතාව එක සතියෙන් සීයට නමයට අඩුවෙලා තිබෙනවා. එය විශ්වාස කරන්න කියලද අපිට කියන්නෙ. විදුලි බිල ඉහළ දැමීම් වැනි කාරණා පදනම් කරගෙන යම් කිසි අඩුවීමක් සිදු වීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ ඉහළ යාම්වලට වගකියන්න ඕන, 1994 ඉදන් මේ දක්වා පත්කර ගත් බලධාරීන් විසින් යැයි කියන එක අවධාරණය කළ යුතුයි. පත්කරගන්න මුල් වුණ ජනතාවට ඒක අද විඳවන්න වෙලා තිබෙනවා. ඒ නිසා පහුගිය මාර්තු මාසේ අපි ජීවත් වුණු විදිහත්, අද වෙනකොට පෙනෙන විදිහත් සංසන්දනය කරලා බලද්දී අපිට කොතනද මේ ජනාධිපතිවරයා ඉන්න ඕන කියන එක හොඳින්ම තේරෙනවා. මේ ආයතනයේ නිශාන් ද මෙල් කියන මහත්මයා ආර්ථික ස්ථායිකරණ කමිටුවේ තනතුරක් බලාපොරොත්තුවෙන් හිටියා.

ඔහුට තනතුරක් ලබා දුන්න නං මේ රිසර්ච් ආයතනය මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පිහිටුවන්න කියපු, ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දෙන කමිටුවක් පත් කරන්න යෝජනා කළා. ඒ කමිටුවෙන් සාමාජිකයෙක් වෙන්න ඔහුට අවශ්‍යතාවයක් තිබුණා. එයත් ඉෂ්ට වුණේ නැහැ. ඊට පස්සේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණට අදාළ ජාතික ජන බලවේගයට සහාය දෙමින් විවිධ දේවල් ප්‍රකාශ කළා. ඒ වගේම පහුගිය කාලේ ඊ. පී. එෆ් සහ ඊ ටී. එෆ් පොලී අඩු කරනවයි කියලා උසි ගැන්නුවෙත් මේ මහත්මයාම තමයි. ඒක නිසා අපි ඔහුට කියන්න කැමතියි ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැත්නම් වෙන ක්‍රමයක් තෝරගන්න, රටට වින කරමින් මේ වගේ දේවල් සිදු කරන්න එපා කියලා.
ඒ වගේම අස්වැසුම ලබාගැනීමේදී අපහසුතාවයට පත්වූ යම් යම් පිරිස් වෙනුවෙන් අස්වැසුම සතියක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එම නිසා ඒ පිරිසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් විසඳුම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.” යනුවෙන් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan