යුද්ධයක් එපා” We are One සංවිධානය සාම සමුළුවක් කැඳවයි!

0
200

කොළඹ (LNW): ”යුද්ධයක් එපා” යන මැයෙන් We are One සංවිධානය විසින් අද (07) පස්වරුවේ කොළඹ හයිඩ් පාක් පිටියේදී සාම සමුළුවක් කැඳවා තිබුණි.

ඊශ්‍රායල් – හමාස් යුද්ධය වහාම නතර කර මිනිස් සංහාරය අවසන් කරන ලෙස බලකරමිනුයි එය සංවිධානය කර තිබුණේ.

ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් සහභාගී විය.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබුණු නමුත් ඔහු සහභාගී වූයේ නැත.

සියලු ආගමික ප්‍රජාවන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/623/No-War-We-Are-One-convenes-peace-conference