රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ජනතාවට වාසි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

බේකරි හා ආපන ශාලා නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.ඒ රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව බව පැවසේ.

එම නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ ජනතාව පාරිභෝගික කටයුතු අධිකාරියටද පැමිණිලි කර ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රුපියල ශක්තිමත් වීමේ වාසිය හා අමුද්‍රව්‍ය මිල ගණන් අඩුවී‍මේ වාසිය ජනාතාවට නිසි පරිසි ලබා දීමට බේකරි හා ආපන ශාලා හිමිකරුවන් කටයුතු කළේද යන්න සම්බන්ධයෙන් අධ්‍යයනයක්ද මේ වනවිට ක්‍රියාත්මක බව පැවසේ.

වෙළෙඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මීට සමාගාමීව බේකරි හිමියන්ගේ සංගමය හා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල අඩුකිරීම සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කිරීමද සැලසුම් කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...