ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය සමඟ පැවත්වෙන එක්දින තරගාවලියකට සහ සිම්බාබ්වේ,පකිස්තානය සමඟ වන විස්සයි විස්ස තුන් කොන් තරගාවලයකට සහභාගි වීම සදහා අද උදෑසන ශ්‍රී ලංකාවෙන් පකිස්තානය බලා පිටත්ව ගියා.එක්දින කණ්ඩායමට සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකටම නායකයා ලෙස නම් කර ඇත්තේ සුපුරුදු පරිදි චරිත් අසලංකම වන අතර විස්සයි විස්ස කණ්ඩායමට පමණක් උප නායකයා ලෙස දසුන් ශානක පත් කර තිබෙනවා.


මේ පත්කිරිම චරිත්ගේ නායකත්වයට යම් අනතුරු හැඟවීමක් සිඳු කරන අතර,ඒ නිසා එක්දින තරගාවලියේදි ඔහු කණ්ඩායමේ ස්ථානය රැකගැනීම සඳහා ලකුණු ලබා ගැනීමේ දුෂ්කරතාවයෙන් මිදි ලකුණු රැස් කිරීම ඇරඹිය යුතුව තිබෙනවා.

මෙහිදී එක්දින තරග තුන පකිස්තානය සමඟ පැවත්වීමට රාවල්පින්ඩි ක්‍රීඩාංගණය තෝරා ගෙන තිබෙන අතර එම තරග තුන නොවැම්බර් 11,13,15 යන දිනයන්හී පැවත්වීමට නියමිතයි.තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව නොවැම්බර් 19 රාවල්පින්ඩි හී දි සහ නොවැම්බර් 25 දා ලාහෝර් හී දි ත් සිම්බාබ්වේ කණ්ඩායම හමුවන්නට නියමිතයි.නොවැම්බර් 22 සහ 27 යන දෙදිනම ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග සඳහා පකිස්තානය හමුවන්නේ ලාහෝරයේදී යි.


පහතින් දැක්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් බැහැර යාමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සමූහ ඡායාරූපයට පෙනී සිටීම සහ ආගමික වතාවත්වල නිරතවීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...

ප්‍රදේශ රැසකට වැසි – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...