නලීන් බණ්ඩාරගේ නීතිවිරෝධී ඩ්‍රෝන යානා රේගු භාරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද ඩ්‍රෝන යානා 39ක් සහ මයික්‍රොපෝන් 16ක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම උපකරණ නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ආනයන පාලන බලපත්‍රය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශනය ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා අපොහොසත් වී තිබේ.

අදාළ බලපත්‍ර සහ නිසි අනුමත කිරීම් නොමැති වීම හේතුවෙන් මෙම භාණ්ඩ තොගය රේගු භාරයට ගෙන ඇත.

මේ වන විට ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...