*
Friday, October 18, 2024
spot_img

Latest Posts

සූර‍යෝ ගාල්ලෙන් සූරියෝ වෙන්නප්පුවෙන්

‍කොළඹ කෘතිම ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද 39 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 20 න් පහළ බාලක හොකී ශූරතාව දිනා ගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ. එකී බාලිකා ශූරතාව අත්පත් කර ගත්තේ වෙන්නප්පුවට ශුද්ධ වූ පවුලේ බාලිකාවෝය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශාන්ත ඇලවීෂියස් විදුහල නියෝජනය කළ උදේශ් සංදීප අබේවර්ධන අභිෂේක ලැබූ අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විදුහලේ නිපුනි ඉෂාරා ප්‍රනාන්දු අභිෂේක ලැබීය.


මෙවර බාලක අනු ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහල ට හිමිවූ අතර වැඩි අවධානයකට ලක් වූ කොළඹ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ හොකී ප්‍රවේශය දෙවන අනු ශූරතාවය දක්වා පැමිණියේය.බාලිකා අංශයේ අනු ශූරතාව නාවල ජනාධිපති බාලිකා විදුහලට හිමි වූ අතර දෙවන අනුශූරතාව මහනුවර සීතාදේවි බාලිකා විදුහල සතු විය.
ශාන්ත ඇලවීෂියස් සහ විද්‍යාර්ථ යන දෙවිදුහල් අතර පැවති තීරණාත්මක අවසාන තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ඉසිලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රහී කණ්ඩායම තෝරා ගැනීම සඳහා දඬුවම් විදීම් උපයෝගි කර ගැනීමට සංවිධායක මණ්ඩලයට සිදු විය.එහිදී ගෝල් 04 – 03 ක තියුණු ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල ට හැකියාව ලැබිණි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අවසන් පූර්ව වටයේදී සූරයන් වූ ශාන්ත ඇලවීෂියස් විදුහල හමුවේ දඩුවම් විදීම් ආශ්‍රිතව ගෝල් 05 – 03 කින් පරාජය දක්වා අභියෝගාත්මක වීම එම විදුහලේ අනාගත හොකී සම්බන්ධයෙන් බලාපොරොත්තු ඉහළ නංවන්නකි. විද්‍යාර්ථ විදුහල හමුවේ අවසාන පූර්ව තරගයේදී පරාජය ලැබුවේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල ය.ඒ ගෝල් 01 – 00 ක ලකුණු තත්ත්වයක් යටතේය.
ජනාධිපති බාලිකා විදුහල අතර තරගය පුරා ආක්‍රමණික ක්‍රීඩා රටාවක නිරත වෙමින්ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් පස් දෙනෙකුගේ ශක්තිය ද සමඟ ක්‍රියාත්මක වූ ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විදුහල් ක්‍රීඩිකාවෝ ගෝල් 03 – 00 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සමත් වූහ. අවසන් පූර්ව වටයේදී ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විදුහල හමුවේ කොළඹ විශාඛා විදුහල ගෝල් 01 – 00 කින් ද ජනාධිපති බාලිකා විදුහල හමුවේ සීතාදේවි බාලිකා විදුහල ගෝල් 01 – 00 කින් ද පරාජය ලැබීය.

මෙවර තරගාවලිය ජාතික තලය දක්වා පැමිණි ගමන නිරීක්ෂණය කරන විට ජාතික සම්මේලනය සඳහා ඡන්දය දීමට බලය ඇති,ජාතික සම්මේලනය පත් කරන වගකීම හිමි ඇතැම් දිස්ත්‍රික්කයන්හී හොකී ක්‍රීඩා කරන එකඳු පාසලක් හෝ නොමැති බව දැක ගන්නට හැකි විය.ජාතික ක්‍රීඩා උළෙලට කුමන හෝ වෙනත් ප්‍රදේශයක අධ්‍යාපනය ලබන කණ්ඩායමකින් ඡන්ද බලය සමඟ හිමිවන වරප්‍රසාද හිමි කර ගැනීම වෙනුවෙන් පිහිටුවා තිබෙන මෙම සංගම් කවරේද යන්න අධීක්ෂණයට ලක විය යුත්තේ ක්‍රීඩා අමාත්‍යංශය හරහා ය.අඩුම තරමේ බිම් මට්ටමේ පාසලකින් රග්ර් ක්‍රීඩකයෙක් හො නො’තනන එම සංගම් පාසල් මට්ටමින් ක්‍රීඩාව ඇති නොකරන තාක් හොකී ක්‍රීඩාව එම ප්‍රදේශවල දියුණුවක් නොලබන බව අවබෝධ කරගෙන එම දිස්ත්‍රික් සංගම් නිලවරණයකට ඡන්ද තුනක් සඳහා පවත්වාගෙන යාමෙන් මුදවා හොකී දියුණු කිරීමට පෙළඹවීම ක්‍රීඩා අමාත්‍යංශයේ යුතුකම සහ වගකීම වේ.

මෙහි ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ ජයග්‍රහී බාලිකා කණ්ඩායම වෙත, අධ්‍යාපන අධ්‍යක්ෂ (සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) දයා බණ්ඩාර මහතා සම්මානය ප්‍රදානය කළ අවස්ථාවය.එම අවස්ථාවට මෙම තරගාවලියේ තාක්ෂණික නිලධාරී ලෙස අධ්‍යාපනික අමාත්‍යංශයෙන් නම් කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මෙන්ම,හිටපු ශ්‍රී ලංකා පුහුණුකරුවෙක්ද වන වත්මන් පාසල් හොකි සම්මේලන ලේකම් අනුරුද්ධ හේරත් බණ්ඩාර ද, ප්‍රවීන ශාරිරික අධ්‍යාපන ගුරුවරයෙක් වන සිසිර වන්නිආරච්චි ද එක් වූහ.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan