ආගම් සහ විශ්වාස යනු මරා ගන්නා දෙයක් නෙවෙයි. සැවොම එකට එකතු කරනා බලවේගයක් – සජිත් (VIDEO)

Date:

මෙරට ව්‍යවස්ථාවෙන් බුදු සසුන ශක්තිමත්ව සහ බලසම්පන්නව සුරැකීමේ බලය ලබා දි ඇති බවත් ඊට අමතරව සෙසු ආගම් හා සංස්කෘතීන් සුරක්ෂා කිරීමේ අයිතියත් තහවුරු කර ඇති බවත් ලොව පවත්වා ජාති ආගම් කුල ගෝත්‍ර එකට එකතු කිරීමේ ජවසම්පන්න බලයක් බෞද්ධ දර්ශනයට ඇති බවත් ආගම් යනු සෑම දෙනාම සමානාත්මතාවෙන් සහ සතුටින් තබනා දෙයක් මිස එකිනෙකා මරා ගන්නා දෙයක් නොවන බවට බෞද්ධ ඉතිහාසය තුළ පරමාදර්ශීව ලොවටම සපයා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා බුදුසසුන ආරක්ෂා කිරීම සෙසු ආගම් මෙන්ම ජාතින් සතු පරම යුතුකමක් බවත් එයට හිරිහැරයක් අවමානයක් නොවන අයුරින් තම තමන්ගේ ආගම් හා විශ්වාස පවත්වාගෙන යාම සැමගේ වගකීමක් හා වගවීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ බැතිබර දායකත්වයෙන් පසුගිය නොවැම්බර් 4-5 දෙදින තුළ සෝමාවති රජමහා විහාරයේ පැවැති කඨින පූණ්‍යෝස්වයට සමගාමීව ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් අභියස පිහිටුවා ඇති ශිලා ලේඛන අභිනවයෙන් අර්ථ සහිතව ශෛලමය ඵලකවල සටහන් කොට සසුනට පූජා කිරීමත් ශ්‍රී දකුණු දළදාවහන්සේ උදෙසා පවත්වනු ලබන මහා මුළුතැන් සම්බුද්ධ පුජාව හා පිඟන් ගඩොල් අතුරා නවීකරණය කරන ලද සම්බුද්ධ මන්දිරයේ සම්බුද්ධ පුජාව පැවැත්වීම සඳහාත් එක්වූ අවස්ථාවේදීය.

මේ අවස්ථාවට මහා සංඝරත්නයත්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණිය බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුළු විශාල සැදැහැති බෞද්ධයෝ පිරිසක් එක් විය.

කඨින චීවරය සඟසතු කොට පූජා කිරීමෙන් අනතුරුව පැමිණි සිටි පිරිස තමන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී දැනුවත් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දු ට දැන් හිමි තැන…?

ධූරයෙන් ඉවත් කර සිටින හිටපු පොලිස්පති තෙන්නකෝන් මහතා දැන්...

ලෝකඩ පැහැ ඉන්දීය තරගාවලියට ශ්‍රී ලංකාවෙන් නවයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 10, කොළඹ LNW: භුබනේස්වර් හි කාලිංග ක්‍රීඩාංගණයේදී ,2025...

සාර්ථකව අවසන්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය!

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LNW : පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව...

“වලස් කටා” පොලිසියෙන් මිදී පැන යාමට තැත් කරද්දී දෙපාවලට සහ එක් අතකට හානි..

රෂිකා හෙන්නායක අගෝස්තු 10 කොළඹ LMN : තිළිණ සම්පත් නොහොත්...