සුද්දා කියපු දේවල් අපි කලින් ඇහුවා නම් …..

Date:

සුද්දා කියපු දේවල් අපි කලින් ඇහුවා නම් අද අපි මෙහෙම බංකොලොත් වෙන්නෙ නෑ..

මුලින්ම සුද්දා ලංකාවට ඇවිල්ලා ලංකාවේ තිබුන රාජාන්ඩු ක්‍රමය නැතිකරලා දාලා පාර්ලිමේන්තු ක්‍රමයට අපිව හුරුකරන්ට හදනකොට ඊට එරෙහිව කැප්පෙටිපොළලා ගොඩබන්ඩලා ඉස්සරහින් තියන් ආපහු රාජාන්ඩු හදන්ට අපි කැරළි නොගෙන හිටියනම් එහෙනම් අපි අද දියුණු ජාතියක්..

ඊට පස්සෙ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හදපු බටහිර ඛනිජ තෙල් ආයෝජකයොයි ලංකාවේ හිටපු අනික් බටහිර ආයෝජකයොයි රටින් පන්නලා දාලා සිරිමාවොයි වමේ හවුලයි මේකේ දූපත් ආර්ථිකයක් හදන්ට නොගිහින් සුද්දගේ සිස්ටම් එකටම කරගෙන යන්ට දුන්නා නම් එහෙනම් මේක අද තවත් සිංගප්පූරුවක්….

ඊට පස්සේ, අපේ ආදායම වගේ තුන් ගුණයක වියදම අඩුකරගන්ට සහ පළදායි තාවයක් නැති අවශ්‍ය ප්‍රමාණය වගේ දෙගුණයක් ඉන්න රාජ්‍ය සේවය අඩුකරගන්ට කියලා මුල්‍ය අරමුදලේ සුද්දො කලින්ම කිව්ව උපදේසේ අපි ඇහුව නම් අද අපි මෙහෙම බංකොලොත් වෙන්නෙ නෑ..

ඒත් කරුමෙ කියන්නේ අපේ අය අහන්නේ මෙහෙට ඇවිත් පරණ යටත් විජිත ආතල් ගන්ට කැමති සුද්දො කියන දේ විතරයි.. යුගයට අදාලව අෆ්ඩේට් වෙන්ට උපදෙස් දෙන සුද්දන්ව අපේ අයට ඇලජික්…

අපි උපදෙස් ගන්ට කැමති අපිව මේකෙම තියෙන ගතානුගතික අදහස් වල හිරකරන්ට මේකට එන ඕල්කොට් වර්ගයේ සුද්දන්ගෙන් විතරයි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...