පාසල් කටයුතු සඳහා වට්ස්ඇප් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතය පිළිබඳව චක්‍රලේඛයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොවිඩ් වසංගත සමයේදී පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට වට්ස් ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කරමින් පාසල් පද්ධතියේ කටයුතු කළ නමුත් මේ වනවිට ඒවායින් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව කරුණු වාර්තා වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, එම සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

විෂය නිර්දේශය ආවරණය කිරීමේ කටයුතු පාසල් කාලය තුළ සිදුකළ යුතු අතර ඒ සඳහා සන්නිවේදන යෙදවුම් භාවිතයෙන් වැළකිය යුතු බවත් දරුවන් හෝ දෙමව්පියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් මෙම සන්නිවේදන යෙදවුම් භාවිතය කිසිසේත්ම නොකළ යුතු බවත් මෙම චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!

මහනුවර අපරාජිත බව බිඳ වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්

ශ්‍රී ලංකාවට දිගු කලක් අහිමි වූ ඇනිමේෂන් සිනමාවේ හිඩැස පුරවන්න “The Secret of the Moonstone” සූදානම්