පාසල් කටයුතු සඳහා වට්ස්ඇප් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතය පිළිබඳව චක්‍රලේඛයක්

සටහන – රුවන් නෙළුගොල්ල

කොවිඩ් වසංගත සමයේදී පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණය කිරීමට වට්ස් ඇප්, වයිබර්, ටෙලිග්‍රෑම් වැනි සමාජ සන්නිවේදන යෙදවුම් භාවිතා කරමින් පාසල් පද්ධතියේ කටයුතු කළ නමුත් මේ වනවිට ඒවායින් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව කරුණු වාර්තා වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, එම සන්නිවේදන යෙදවුම් භාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

විෂය නිර්දේශය ආවරණය කිරීමේ කටයුතු පාසල් කාලය තුළ සිදුකළ යුතු අතර ඒ සඳහා සන්නිවේදන යෙදවුම් භාවිතයෙන් වැළකිය යුතු බවත් දරුවන් හෝ දෙමව්පියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් මෙම සන්නිවේදන යෙදවුම් භාවිතය කිසිසේත්ම නොකළ යුතු බවත් මෙම චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...