ජනාධිපති බලය ගන්න වේදිකාවල දුන් පොරොන්දු බලය ලැබුණාට පසු අමු අමුවේ කඩකළා – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා ලෙස වේදිකාවක් වේදිකාවක් පාසා ඉදිරිපත් කළ පොරොන්දු දිනපතා කඩ කරන මොහොතක එළැඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බල⁣වේගයට බහුතරය ලබා දී ජනතා අපේක්ෂා මල්ඵල ගන්වන සිහින සැබැ කරවන යුගයකට මුල පුරන්න සුදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වේදිකාවල පාස්පෝට් පෝලිමට ලබා දෙනවා කියු විසඳුම, ආහාරපානවල මිල අඩු කරනවා යැයි සිදුකළ පොරොන්දුව, ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකරන බවට දුන් පොරොන්දුව යනාදී කිසිවක් ඉටු නොවූ බවත් කොමිස් අල්ලස් පගා ඉවත් කර අඩු මිලකට තෙල් දෙනවා කිව්වත් පසුගිය දිනක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පත්කළ තෙල් සංස්ථාවේ සභාපතිවරයා එවැනි කොමිස් ගැන දන්නේ නැති බවත් මිල අඩු කර රට වට්ටවන්න බැරි බව පවසන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

එදා වේදිකාවේ එකක් සහ අද එකක් කියන බවත් ඉන්ධන මිල සුත්‍රයට යට නොවෙන බව කියු ජනාධිපතිවරයා ඉන්ධන මිල සුත්‍රයේ වහලකු වී ඇති බවත් සාමාන්‍ය නිර්ධන පන්තියේ ජනාධිපතිවරයා කියා ගත්තත් ඔහු අඩු කරන්නේ ධනවතුන් භාවිත කරන වාහනවලට භාවිතා කරන ඉන්ධන බවත් ත්‍රීරෝද රථ හිමියන්ට සාමාන්‍ය ජනතාව භාවිත කරන වාහනවල තෙල් මිල අඩු කර නොමැති බවත් අවසානයේ තෙල් සහනයත් යන්නේ ධනවතුන්ට බවත් ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගම්පහදී පැවැති ජන හමුවක් අමතමිනි

එසේම 33%කින් විදුලි බිල අඩු කරනවා කියු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විදුලි පාරිභෝගිකයන් අනාථ කර ඇති බවත් බලයට පැමිණි පසු බදු බර අඩු කරනවා කිව්වත් IMF එකත් එක්ක වට දෙකක් සාකච්ඡා කර IMF එක ඉදිරියේ දණ නමා සිරකරුවකු බවට පත්ව රූකඩයක් වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

එළැඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පසු පොදුජන රජයක් බිහි කර සියලු සහන ලබා දෙන බවටත් ඒ මහතා පොරොන්දු විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Leh ගුවන් තොටුපොල Kushok Bakula Rimpochee ලාමා නමින් නම් ⁣කරයි

කොළඹ LNW:බහුතරයක් බෞද්ධයන් ජීවත්වන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක්...

රාජිතට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අගෝස්තු 22 කොළඹ LNW : කොළඹ...

හිටපු අමාත්‍ය අකිල අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක අගෝස්තු 22 , කොළඹ LNW : අද(22)...

කොළඹ උතුර – දකුණ දෙකොණටම ජය

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 22, කොළඹ LNW: ශ්‍රී ලංකා...