ඔන්ලයින් මූල්‍ය වංචාවකට ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙක් අත්අඩංගුවට !

0
579

සටහන – රුවන් නෙළුගොල්ල

අන්තර්ජාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (නොවැම්බර් 09) අත් අඩංගුවට ගෙන තිබේ.

කිරුළපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අද අලුයම මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදී ඇති බව සඳහන්.