වර්ෂාව නිසා මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලය විශාල අනතුරක!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

ඊයේ (08) රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග, මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදුවී තිබේ.

විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා පවසන්නේ, මේ වනවිට තවත් පන්ති 27ක් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවත්, පාසලේ ප්‍රාථමික අංශයේ සියලු පන්ති සහ තවත් පන්ති රැසක් මෙලෙස අවධානමට ලක්වී ඇති බවත් ය.

ආනන්ද උපතිස්ස මහතා සඳහන් කළේ, අද (09) රාත්‍රියේ අධික වර්ෂාවක් ඇති වුවහොත් තවත් පන්ති ගණනාවක් ආපදාවට ලක්විය හැකි බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පවතින අවදානම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කළ බවත් එළඹෙන සඳුදා සිට පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ උපදෙස් අනුව සිදුකරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...