රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):
නව ආකල්ප හා සංකල්පවලින් පොහොසත් පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට සූදානම් බවත්, මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ රජය ආරම්භ කොට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් රට පුරා සංවිධාන කරන ජන රැළි මාලාවේ කෑගල්ල ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේය.
මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන රැළි මාලාව සංවිධාන කෙරෙන අතර , කෑගල්ලට ඇදහැලෙන මහ වැසි නොතකා ජනතාව මෙම ජන රැළියට එක්ව සිටි බව සඳහන් වේ.