ට්‍රම්ප් ආන්දෝලනාත්මක නියෝග නිකුත් කළහොත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන පෙන්ටගනයේ නිලධාරීන් රහසිගත සාකච්ජාවක

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප් පෙර නොවූ විරූ බලයග් ග්‍රහණය කරගනිමින් ආන්දෝලනාත්මක නියෝග නිකුත් කළහොත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන පෙන්ටගනයේ නිලධාරීන් රහසිගතව සාකච්ඡා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, අභ්‍යන්තර නීතිය බලාත්මක කිරීම සහ සමූහ වශයෙන් පිටුවහල් කිරීම සඳහා ක්‍රියාකාරී රාජකාරි බලකායන් භාවිතා කිරීමට තමා සුදානමින් සිටින බවට ඩොනල්ඩ් ට්‍රුම්ප් සිය මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ කර ඇති අතර එවන් අවස්ථාවක ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දක්වන ආකාරය පිළිබඳව පෙන්ටගනයේ නිලධාරීන් මෙලෙස අවිධිමත්ව සක්ච්ජා කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරීන් සඳහන් කර තිබුණේ, “අපි සියල්ලෝම නරකම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සහ සැලසුම් කරමින් සිටින බවත් , නීති විරෝධී නියෝගවලට අකීකරු වීමට හමුදාවන්ට සිදුවුවහොත් කුමක් සිදුවේද ? නමුත් යථාර්ථය නම් මෙය තවමත් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අපි නොදනිමු,” යනුවෙනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් මැතිවරණ කොට්ඨාස ජයග්‍රහණය කරමින් පෙර නොවූ විරු බලයක් ග්‍රහණය කරගමිනිමින් සිටින අතර බොහෝ විට ඔහු අපේක්ෂා කරන ලද බලයකට වඩා විශාල බලයක් ඔහුට ලැබෙමින් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාප නීති කමිටුවේ සභාපති ධුරය රොනල්ඩ් සී. පෙරේරාට!

එක්සත් ජාතික පක්ෂයේ නීති කමිටුවේ සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ...

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...