කළුතර අපරාධ කොට්ඨාසය මගින් “වෙන්දේසිවත්තේ සුද්දා” අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

“වෙන්දේසිවත්තේ සුද්දා” කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, සකකරු සතුව තිබී මෙරට නිෂ්පාදිත උන්ඩ හයක් යෙදවිය හැකි රිවෝල්වරයක් සහ තියුණු ආයුධ දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මාස කිහිපයක සිට කළුතර, ඈතගම ,පයාගල, වෙන්දේසි වත්ත, නාගොඩ, ප්‍රදේශවල ගිනි අවී සහ තියුණු ආයුධ යොදාගෙන මිනිසුන් බිය ගැද්දීම් පහරදීම් සිදුවන බවට ලද තොරතුරක් මත කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සිදු කළ වැටලීමකදී  මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත,

ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී කළුතර වෙනිවැල්කැටිය වෙන්දේසිවත්තේ ඔහුගේ නිවසේ කාමරයක සඟවා තිබූ තවත් තියුණු ආයුධ දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙන බව පැවසේ.

මෙම සැකකරුට මීට පෙරද පුද්ගල පහරදීම්  බිය වැද්දීම් ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම් සඳහා කටයුතු කරන ලද පුද්ගලයෙකුද වේ.

දැනට මාස දෙකකට පෙර පයාගල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එම නිවසේ පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කර තිබෙන අතර, එම පහරදීම සඳහා යතුරුපැදියකින් තවත් පුද්ගලයින් දෙදෙනකු සමග ඔහු පැමිණ ඇති අතර, අනෙක් සැකකරුවන් සොයාද විමර්ශන කටයුතු සිදු කර ඇත,

එම නිවසට පහරදීමට පැමිණෙන ආකාරය එම නිවසේ සවි කර තිබූ කැමරාවක සටහන්ව තිබුණු බව පැවසේ.

මෙම ගිනි අවිය කිසියම් අපරාධයක් සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර ඔහු සන්තකයේ තවත් ගිණි අවී ඇත්දැයි ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව කළුතර අපරාධ කොට්ඨාසය කියා සිට සැකකරු අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...