Breaking News : CIDයට මගහැරුණු මිලියන 50ක තැන්පතුවක් ආපසු ගැනීමට කෙහෙළියගේ පවුලෙන් වෑයමක් !

Date:

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පසුගිය සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළව කෙහෙළිය ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකුට හිමි ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු රැසක ගනුදෙනු අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබිණි.

කෙසේවෙතත් එම විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්හැරුණු රුපියල් මිලියන 50 ක තැන්පතුවක් අද (නොවැම්බර් 09) දිනයේදී ආපසු ලබාගැනීමට කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින් සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව කෙහෙළියගේ එක් දියණියක් එම තැන්පතු මුදල ආපසු ලබාගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන ද රැගෙන මේ වනවිට ලංකා බැංකුවේ එක්තරා ශාඛාවකට පැමිණ සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අදාළ බැංකු ශාඛාවේ සේවය කරන අය ද කරකියාගත හැකි දෙයක් නොමැතිව සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

කෙහෙළියගේ පවුලේ අය මෙසේ ක්‍රියාත්මක වී ඇත්තේ යම් ඉහළ බලපෑමක් සහිතව වන බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක නොවුණහොත් අදාළ තැන්පතු මුදල මුදාහැරීමට බැංකුවේ සේවය කරන අයට සිදුවනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...