*
Wednesday, November 13, 2024
spot_img

Latest Posts

(VIDEO) කෙහෙළියගේ මුදල් ගන්න දරුවන් බැංකුවට?ඡන්දෙන් දිනන්නේ මෙහෙමයි, බලයට එන්න පොරකන අයට මේ පාර මොනව වෙයිද.?

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පසුගිය සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළව කෙහෙළිය ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකුට හිමි ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු රැසක ගනුදෙනු අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබිණි.කෙසේවෙතත් එම විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්හැරුණු රුපියල් මිලියන 50 ක තැන්පතුවක් අද (නොවැම්බර් 09) දිනයේදී ආපසු ලබාගැනීමට කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින් සූදානමින් සිටින බව වාර්තා වේ.

මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදුවී තිබේ.ඊයේ (08) රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදුවී ඇත.මේ වනවිට තවත් පන්ති 27ක් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා පවසයි.

ශ්‍රී ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස සිදුකිරීම සඳහා ජනතාවට අවශ්‍ය තෝරාගැනීම කිරීමට සර්වජන බලය අවස්ථාව උදාකර දී ඇති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ අද (09) පෙරවරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් ජනහමුව අමතමින් දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද (09) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.හැව්ලොක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

මෙරටට ලැබුණු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඉපයීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 5431 ක්.පසුගිය වසරට සාපේක්ෂව විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ.වසරේ ඔක්තෝබර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 587යි  දශම 07 ක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර ඔහු ඝාතනය කිරීමට  ඉරානය විසින් කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජාතිකයෙකුට එරෙහිව ඇමරිකානු රජය චෝදනා එල්ල කර තිබෙනවා.ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා උත්සාහ කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමති අයෙකුට එරෙහිව ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ අධිචෝදනා ගොනු කළා.

ලෙබනනයේ බේරූට් අගනුවර වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වුණා.බේරූට් නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශයෙන් පදිංචිකරුවන්ට ජීවිතාරක්ෂාව සඳහා පලා යන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය ලෙබනන් අගනුවර වන බීරූට් වෙත නව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. ගෝලීය ආහාර සුරක්ෂිතතා විශේෂඥයින්ගේ ස්වාධීන සාගත සමාලෝචන කමිටුව මේ වනවිට අනතුරු අඟවන්නේ උතුරු ගාසා තීරයේ සාගතය වළක්වා ගැනීමට දින කිහිපයක් ඇතුළත පියවර ගත යුතු බවයි.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. පළමු තරගය දඹුල්ල ක්‍රීඩාංගනයේදී අද රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙය වන අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ මිචෙල් සැන්ට්නර් හටයි.මේ දිනවල ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් බොහෝ විට කණ්ඩායම් දෙකම වේගපන්දු යවන්නන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ….

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan