මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වීමට කැමැත්තෙන් රජයට යටත් වීමට කැමැත්ත පළකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“අපි මීට දින කිහිපයකට පෙරාතුව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම සඳහා ජාතික මෙහෙයුම් කමිටුව නැත්නම් ජාතික මෙහෙයුම් සභාව පිහිටුවනු ලැබුවා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපිට තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. ඊයේ දිනයේ මැදපෙරදිග පුද්ගලයෝ හත් දෙනෙක් – මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය, ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථාන පවා ප්‍රකාශ කළා – ඔවුන් කැමතියි කිව්වා රජයට යටත් වෙන්න, භාරවෙන්න. සමාව දීලා ඒකෙන් ඉවත් වෙන්න ඔවුන් කැමතියි කිව්වා. ඒක හින්දා දැන් සමාජයේ සියලු දෙනාම මේකෙ වුවමනාව අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා සමාජයක් හැටියට අපේ මේ ඉලක්කය සපුරාගන්න”

ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (09) පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...