මැදපෙරදිග සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7ක් සමාව අරගෙන රජයට යටත් වෙන්න එකඟ වුණා – ඇමති විජේපාල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මැදපෙරදිග රටවල සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 7 දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවත් වීමට කැමැත්තෙන් රජයට යටත් වීමට කැමැත්ත පළකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“අපි මීට දින කිහිපයකට පෙරාතුව මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම සඳහා ජාතික මෙහෙයුම් කමිටුව නැත්නම් ජාතික මෙහෙයුම් සභාව පිහිටුවනු ලැබුවා ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපිට තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. ඊයේ දිනයේ මැදපෙරදිග පුද්ගලයෝ හත් දෙනෙක් – මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය, ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථාන පවා ප්‍රකාශ කළා – ඔවුන් කැමතියි කිව්වා රජයට යටත් වෙන්න, භාරවෙන්න. සමාව දීලා ඒකෙන් ඉවත් වෙන්න ඔවුන් කැමතියි කිව්වා. ඒක හින්දා දැන් සමාජයේ සියලු දෙනාම මේකෙ වුවමනාව අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් අපි හිතනවා අපිට පුළුවන් වෙයි කියලා සමාජයක් හැටියට අපේ මේ ඉලක්කය සපුරාගන්න”

ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (09) පැවති විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් මෙහෙයුම් වැඩසටහනට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ හා වරප්‍රසාද මුදල් කප්පාදුකර සහන වඩපිළිවෙලට යොදන්න – මන්ත්‍රී රවීගෙන් යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති රක්ෂණාවරණ ඉවත්...

ජනාධිපති ට්‍රම්ප් නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ජනාධිපති ඩොනල්ඩ්...

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...