නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිමට මෙහෙයුම් කමිටුවක්

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW :

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරිම සදහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේ දී මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර දහය (2026- 2035) සදහා  ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයට ඩිජිටල් පරිවර්තනය ලක්කිරීමේ හැකියාව පිළිබදවත් ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටිකාළීන සහ දිගු කාළීන ක්‍රමවේදයන් පිළිබදවත් ඉතා පුළුල්ව විමසා බලන ලදි.  

ඩිජිටල්කරණය සදහා උපායමාර්ගික රාමුවක් ස්ථාපිත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ඒ සදහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති (HIQI, HSEP, PHSEP) අනුගතකර ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්ථනය සඳහා ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා, මෙහෙයුම් කමිටු සංකල්ප, කෙටුම්පත් සංකල්ප සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව මෙහි දී  දීර්ඝ වශයෙන් සැලසුම් සකස් කිරීමට අදාළව සාකච්ඡා සිදු විය.

එහිදී අදාළ දත්ත සුරක්ෂිතව ගබඩාකර තබා ගැනීම, මෙම කාර්ය කාර්යක්ෂමව සිදුකිරීම සදහා අවශ්‍ය මානව සම්පත් සංවර්ධනය, පුහුණුවීම් පිළිබදව ද මෙහි දී සාකච්ඡාවට ගැනුණි.

ඉහත කරුණුවලට අදාළ කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනරාල් විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින්  මෙහි දී සිදු කරනු ලැබීය.

මෙම විශේෂ සාකච්ජාවට  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ඩිජිටල් අර්ථීක නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විඡේසුරිය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, විෂයට අඳාළ විශේෂඥයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...

සුනාමි ඛේදවාචකයට වසර 21 යි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට දැවැන්ත...

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...