කොළඹ LNW:ඉන්ධන මිල සූත්‍රය, පෞද්ගලික ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය සහ අස්වැසුම ප්රතිලාභ වැඩසටහන පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක
සභාවේදී දීර්ඝව සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රමවේදය, ඉන්ධන වෙළෙඳපොළේ සාධාරණ තරගකාරීත්වය තහවුරු කිරීම, වාහන ටයර් සඳහා නව ප්‍රමිති හඳුන්වාදීම සහ අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ සංශෝධන පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්ව අවස්ථාවේදී ආනයන හා අපනයන (පාලන) පනත යටතේ 2026.10.01 දිනැති අංක 2508/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද රෙගුලාසි සහ 2026 වර්ෂයේ අංක 07 දරන පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව මෙලෙස සාකච්ඡා විය.
මෙම කාරක සභා රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකුරුණා, ෂානක්කියන්
රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. කේ. එම්. අස්ලම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, අජිත් අගලකඩ සහ සුනිල් රාජපක්ෂ මහත්වරු සහභාගී වූහ.
මෙහිදී විශේෂයෙන්ම වාහන ටයර් ආනයනය සඳහා නව ප්‍රමිති හඳුන්වාදීමේ අරමුණු සහ එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු පිළිබඳව අවධානය යොමු විය. ප්‍රමිතියෙන් තොර ටයර් ආනයනය පාලනය කිරීම, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම මෙම ප්‍රමිති හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණු ලෙස නිලධාරීහු පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, නව ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා ආනයනකරුවන්ට ලබාදී ඇති මාස තුනක සහන කාලය ප්‍රමාණවත් නොවීම සහ අවශ්‍ය පරීක්ෂණ මෙරට තුළ සිදුකිරීමට ඇති පහසුකම් සීමිත වීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, නව ප්‍රමිති හඳුන්වාදීම හරහා දේශීය නිෂ්පාදකයන්ට අසාධාරණ වෙළෙඳ වාසියක් හිමිවීමේ අවදානමක් පවතින්නේද යන්න සහ එමඟින් පාරිභෝගිකයන්ට අහිතකර බලපෑමක් ඇතිවිය හැකිද යන්න පිළිබඳව කාරක සභා සාමාජිකයෝ ප්‍රශ්න කළහ. වෙළෙඳපොළ තරගකාරීත්වය සහ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නියාමන ක්‍රියාමාර්ගවල වැදගත්කම ද මෙහිදී අවධාරණය විය.
2026 වර්ෂයේ අංක 07 දරන පරිපූරක ඇස්තමේන්තුව යටතේ මැදපෙරදිග යුද තත්ත්වයෙන් බලපෑමට ලක්වූ ජනතාවට තවදුරටත් සහන සැලසීමේ වැඩසටහන යටතේ ඩීසල් ඉන්ධන මිල සහනාධාරයක් ලබාදීම සහ අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා අතිරේක දීමනාවක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
මෙහිදී ඉන්ධන මිල තීරණය කිරීම සඳහා භාවිත කරන මිල සූත්‍රය, ආනයනික ගොඩබෑමේ පිරිවැය, බදු සහ බෙදාහැරීමේ වියදම් පිළිබඳව නිලධාරීන් කරුණු
පැහැදිලි කළහ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතු පිරිපහදුව මඟින් මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් කොටසක් දේශීයව නිෂ්පාදනය කරන අතර,පෞද්ගලික ඉන්ධන සමාගම් පිරිපහදු කරන ලද ඉන්ධන සම්පූර්ණයෙන්ම ආනයනය කරන බව ද මෙහිදී අනාවරණය විය. එම තත්ත්වය හේතුවෙන් CPC සහ පෞද්ගලික ඉන්ධන සමාගම් අතර පිරිවැය වෙනස්කම් සහ වෙළෙඳපොළ තරගකාරීත්වයේ අසමතුලිතතා මතුවන ආකාරය පිළිබඳව ද අවධානය යොමු විය.
විදේශීය සමාගම් සහ CPC හි ගොඩබෑමේ පිරිවැය අතර පුළුල් පරතරයක් ඇති බව කමිටුව නිරීක්ෂණය කළේය. නමුත් CPC විසින් ප්‍රකාශයට පත් කරන ඉන්ධන මිල පදනම් කරගෙන අනෙකුත් සමාගම්වලට ද මිල තීරණය කිරීමට සිදුවේ. ඉන්ධන වෙළෙඳපොළේ සියලු සමාගම් සඳහා සාධාරණ තරගකාරීත්වයක් ඇති කිරීම, මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් පවත්වාගෙන යාම සහ ස්වාධීන නියාමන ක්රමවේදයක අවශ්‍යතාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය.
එමෙන්ම, ඉන්ධන සහනාධාරය සියලු පාරිභෝගිකයන්ට එක හා සමානව ලබාදීම වෙනුවට වඩාත් අවශ්‍යතාව ඇති ජනතාව(targeted subsidy) සහ පොදු ප්‍රවාහන ක්ෂේත්රය ඉලක්ක කරගනිමින් ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.
අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක්‍රමවේදය, ඒ සඳහා භාවිත කරන නිර්ණායක 22 සහ ප්‍රතිලාභීන්ගේ තොරතුරු
තහවුරු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී කරුණු විමසන ලදී. ප්රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් අත්හැරී යාම සහ සුදුසුකම් නොමැති පුද්ගලයන් ප්රතිලාභ ලැයිස්තුවට ඇතුළත් වීම වළක්වා ගැනීම සඳහා දත්ත නිවැරදිව තහවුරු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.


