කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකය යළි ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW:

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය මාස දෙකකට පමණ පසු යළිත් ඒකක 21,500 සීමාව ඉක්මවා යෑමට සමත්ව ඇත.

මෙම දර්ශකය අද දින ඒකක 291.72කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ ඒකක 21,531.37ක් ලෙස සටහන් වී තිබේ.

ඒ අනුව, අඛණ්ඩව සිව්වන දිනටත් වෙළෙඳපොළ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ගත වූ දින පහ තුළ සමස්ත වර්ධනය ඒකක 1,452.1ක් ලෙස වාර්තා විය.

ඊට අමතරව, S&P SL20 දර්ශකය ද ඉහළ ගොස් ඒකක 6,143.15ක් බවට පත්ව ඇත. අද දින මුළු කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.33ක් ලෙස සටහන් වූ අතර, සමාගම් 168ක කොටස් මිල ඉහළ ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලියන 500ක වී වියළන යන්ත්‍ර සමූපකාරවලට ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ!

කොළඹ LNW:සමූපකාර සමිති වෙත වී වියළීමේ යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියේ...

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට සංශෝධන එක් වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු...

දිවාලි ආලෝකය යට සැඟවුණු දැවැන්ත පාරිසරික අර්බුදය

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: ඉන්දියාව පුරා 2026 නොවැම්බර්...