ලැබෙන අවස්ථා පැහැර හැරි නවසීලන්තය බැහැරට

Date:

“නමුත් මේ සියලු දත්ත රූටා වැටෙන දක්ෂයෙකුගේ එක උඩ පන්දුවක් අත එරෙන අවස්ථාවකදී සපුරා වෙනස් වෙන බව ඇත්තය.ඒ නිසා පන්දුව සහ පිත්ත අතර වන මේ සංග්‍රාමයේ අනෙකාට අවස්ථාවන් දීම සහ අනෙකාගෙන් ලැබෙන අවස්ථාවක් පැහැර හැරීම යන කාරණා දෙකේදීම සිඳුවන්නේ පරාජය වැළඳගන්නට බව සෑම කණ්ඩායමක්ම අවබෝධයෙන් සිටිම තරගාවලියේ තරගකාරීත්වය ඉහළින් පවතින්නට හේතු වෙනු ඇත.”
LNW 2022 නොවැම්බර් 07 දින අවසාන පූර්ව වටය සම්බන්ධයෙන් තැබූ පූර්ව සටහනේ මෙසේ තිබිණි.
අවසාන පූර්ව වටයේ කඩුලු හතකින් නවසීලන්තයට පරාජය වන්නට සිඳු වූයේ අප සටහනට ඉහළින්ම යොදා තිබෙන පූර්ව සටහනේ හේතුවය.සාමාන්‍යයෙන් ලෝකයේ හොඳම පන්දු රකින්නන් සහිත කණ්ඩායමක් වන නවසීලන්තයෙන් පන්දු රැකීමෙන් සිදු වූ අඩු පාඩු නිසා ඔවුන් ලබා ගත් ලකුණු 152 ආරක්ෂා කරන්න සහ එය ප්‍රතිවාදීන්ට පීඩනය ඇති කරන ලකුණු පූවරුවක් කර ගන්නට අපොහොසත් විය.විශේෂයෙන්ම බාබර් අසාම් දවා ගැනීමට තිබූ උඩ පන්දුව ඩෙවොන් කොන්වේ අතින් ගිලිහී යාම අවසානයේ නැවතුණේ බාබර් පන්දු 42 දී ලබා ගත් ලකුණු 53 න් ය.පන්දු 43 ට මුහුණ දී ලකුණු 57 ක් ලබමින් තරගයේ වීරයා ද වූ මොහොමඩ් රිස්වාන් සමඟ බාබර් ආරම්බක කඩුල්ලට පන්දු ඕවර් 12.4 ක් තුළ ලකුණු 105 ක් එක් කරන්නට සමත් වෙමින් පසුවට එන පිතිකරුවන්ට පීඩනයකින් තොරව පහර දෙන්නට අවශ්‍යය පරිසරය ද සැකසීය
නමුත් අවසාන පූර්ව තරගය පුරාම කණ්ඩායම් දෙකම පෙන්නුම් කළේ වඩාත් හොඳින් ඔවුන් තරග වදින තත්ත්වයන් සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන බවය.නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලබාගත් ලකුණු 152 ට ඔවුන් ඉහළින් ඇදී යන සේ ලබා ගෙන තිබුණේ හයේ පහර දෙකකි.හතරේ පහර 10 කි.සිඩ්නි පිටියේ ලකුණු ඌනතාවයට විසඳුම සේ නවසීලන්තය වැඩි අවධානයක් දුන්නේ කෙටි ලකුණුවලට ය.විශේෂයෙන්ම ස්කොයාර් ලෙග් සහ ඩීෆ් මිඩ් ඕන් කළාපය හරහා ඔවුන් එක ලකුණ ලකුණු දෙක බවට පත් කර ගත් අවස්ථා බොහෝ සෙයින් වාර්තා විය.මේ හැඩයම පකිස්තාන ඉණිමේදී ද දකින්නට ලැබිණ.ඔවුන්ගේ ඉණිමටම වාර්තා වූයේ එක් හයේ පහරකි.හතරේ පහර 14 කි.
අවසානයේ රැක ගැනීමට හැකිව තිබූ ලකුණු 152 ක බලය නවසීලන්තයෙන් ගිලිහිණි.සමහර විට මීට පෙර අවසාන පූර්ව තරග තුනකදීම පකිස්තානය ඉදිරියේ පරාජය වී තිබිම යම් කිසි ආකාරයකින් නවසීලන්තයේ මානසිකත්වයට ද බලපෑවා වෙන්නට ඇත.එසේ බලපෑමේ පීඩාව සුළු අත් වැරදි වීමෙන් ලොකුම හානියක් කර සිව්වන වරට ද නවසිලන්තයට පකිස්තානය ඉදිරියේ පරාජය වන්නට මඟ සකස් කළේය.
වඩාත් වැදගත් වන්නේ කණ්ඩායමක් සහ එහි සිටින පුහුණු කාර්ය මණ්ඩලය මෙන්ම දත්ත විශ්ලේෂකයන්ද තරගයට පෙර කරන හැදෑරීම් ප්‍රමාණය කණ්ඩායම් දෙකේම ක්‍රීඩා රටාව තුළින් දකින්නට හැකි වීමය.පිටියේ ස්වභාවය අනුව පන්දු යවන්නන්ට ඇති වන වාසිය අවම කිරීමට ඔවුන් තුළ තිබුණ සැළැස්මවල් නිසා මුළු තරගයේම දැවී ගියේ කඩුලු හතකි.ප්‍රහාරය මෙන්ම කඩුලු දැවීමෙන් අත්වන පීඩනය ගැන ද අවධානය යොමු වී තිබුණ බැවින් ඉහළින් හයේ පහරවල් සොයා යාමට වඩා පිටියේ හිදැස් සහිත ප්‍රදේශවලට පහර එල්ල කිරීම මඟින් ලකුණු දෙක සහ ඇතැම් විට තුන එකතු කර ගැනීම ඔවුන්ගේ උපාය විය.එසේම එම පහර එල්ල කිරිමෙන් අවම නිලකුණු පන්දු ගණනක් වාර්තා කිරීමට ද සමත් විය.
හෙට ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගයේදී ද බොහෝ විට පකිස්තානය සහ නවසීලන්තය පිටිය කියවා ගත් ආකාරයේ පූර්ව සූදානමක් තිබිය හැකිය.නමුත් වැදග්තම වන්නේ අප නොවැමබර් 7 වන දා කියූ කතාවය.හෙට තරගයටත් එයම වලංගුය.
මේක ගියේ නැද්ද?

“නමුත් මේ සියලු දත්ත රූටා වැටෙන දක්ෂයෙකුගේ එක උඩ පන්දුවක් අත එරෙන අවස්ථාවකදී සපුරා වෙනස් වෙන බව ඇත්තය.ඒ නිසා පන්දුව සහ පිත්ත අතර වන මේ සංග්‍රාමයේ අනෙකාට අවස්ථාවන් දීම සහ අනෙකාගෙන් ලැබෙන අවස්ථාවක් පැහැර හැරීම යන කාරණා දෙකේදීම සිඳුවන්නේ පරාජය වැළඳගන්නට බව සෑම කණ්ඩායමක්ම අවබෝධයෙන් සිටිම තරගාවලියේ තරගකාරීත්වය ඉහළින් පවතින්නට හේතු වෙනු ඇත.”
පකිස්තානය සහ නවසීලන්තය අතර තරගයේ ලකුණු පූවරුවට මෙතනින් පිවිසිය හැකිය. https://es.pn/3NTixvj
ඡායාරුපයේ සිටින්නේ තරගයේ වීරයා වූ මොහොමඩ් රිස්වාන් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...