ගැසට්ටුව නොතකා තැපෑල අදත් වැඩ වරයි!

Date:

කොළඹ LNW:තැපැල් වැඩ වර්ජනයට එරෙහිව ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා තැපෑල අත්‍යවශ්‍ය සේවයක් ලෙස ඊයේ දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණද වෘත්තීය සමිති විසින් ප්‍රකාශ කළ පරිදි අද (09) දිනයේත් එම වැඩවර්ජනය ක්‍රියාත්මක වෙයි.

පසුගිය 07 වැනිදා සිට පැය 48ක සංකේතාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබුණු අතර ඒ අනුව මෙම වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කර තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමිනුයි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් වන්නේ.

කෙසේවෙතත් මෙම වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ කිසිදු පදනමක් නැති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බවයි.

තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් සලයන බවත් පෞද්ගලීකරණය නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අදායම් වැඩිකර ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
.
ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...