ක්‍රිකට් ප්‍රශ්නය විසදන්න විගණකාධිපති වාර්තාව අනුව වැඩ කරන්න – චම්පික

Date:

කොළඹ LNW:ක්‍රිකට් සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය විසඳීමේදී විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව අදාළ අමාත්‍යාංශයත් ආණ්ඩුවත් ක්‍රියා කළ යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ වන විට ක්‍රිකට් පමණක් නොව සමාජයම ජරාජීර්ණ වී තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පවතින ආර්ථික අර්බුදයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මෙම දූෂිත තත්ත්වයත් යන සියලු කාරණා නිසා ජනතාව තවදුරටත් විශාල වේදනාවකින් පසුවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

” ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ පමණක් තියෙන අර්බුදයක් නෙමෙයි. මේ සමාජය ඉතාමත්ම බරපතල විදිහට ජරාජීර්ණ වෙලා තියෙනවා. සෑම ආයතනයක්ම ‍රාජ්‍ය, පෞද්ගලික හැම ආයතනයක්ම බොහොම බලගතු විදිහට ජරාජීර්ණ වෙලා තියෙනවා. ඉතින් දෙපැත්ත බෙදිලා දැන් එකිනෙකාට චෝදනා කරගත්තත් මේකේ ගැඹුරු අර්ථය තමයි සියලු ක්ෂේත්‍ර කුණුවෙලා, ඕජස් ගලන තත්වයට පත්වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ රටේ ජනතාවට ආගමක් වගේ. ඒ පිළිබඳව මේ අපි ඉතාමත්ම අසරණ වෙලා ඉන්න වෙලාවේ. යුධමය වශයෙන් පවා අපි පරාජිත තත්ත්වයක් තියෙන වෙලාවේ රටට ආශ්වාදයක් ලැබුණේ, රටට සහනයක් ලැබුණේ, ක්‍රිකට් වලින්. ඒකත් දැන් නැති වෙනවාය කියන තත්ත්වයත් එක්ක, අඩුගානේ මේ දකුණු ආසියාවේවත් අපි අන්තිම තැනට වැටිලා ඉන්නවාය කියන එකත් එක්ක ලොකු වේදනාවක්. මේ ආර්ථික අර්බුද ඔක්කොම එක්ක ලොකු වේදනාවක් අපේ ජනතාවට තියෙනවා. මන් හිතනවා ඒ ගැන රජය ඒ වේදනාව ගැන දැනගෙන මේ පිළිබඳව කටයුතු කරයි කියලා. මේ රටේ ඉන්නවා හොඳ ක්‍රීඩකයො, අවංක ක්‍රීඩකයෝ අතීතයේ දස්කම් දක්වපු අය, මේ අය කළමනාකරණය කිරීමට සුදුසු අය, අර ආණා පුංචිහේවා මහත්මයා වගේ ඒ වගේ ගෞරවනීය විදියට මේක කරන්න ඕන අය. ඒ වගේම මේ විනය කටයුතු පවත්වාගෙන යාමට හැකියාව තියෙන අය. අන්න ඒ පිළිබඳව කල්පනා කරලා බලලා, රජය පියවර ගත්තේ නැත්නම් ඉතින් මේක කුණුවෙලා තව තවත් ඕජස් ගල, ගැටුම් හදාගෙන, අධිකරණ ඉදිරියට ගිහිල්ලා, ප්‍රශ්න හදාගෙන ඉදිරියට යන එක තමයි වෙන්නේ. ඉතින් විගණකාධිපතිවරයා විගණන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව පියවර ගැනීම අදාළ අමාත්‍යාංශයේත්, ආණ්ඩුවේත් වගකීම.” යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන යුද ජයග්‍රහණ අනුස්මරණ උත්සවයට සූදානම් වන චීනය!

කොළඹ LNW:ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක...

හෙට දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටින බව රාජිතගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා...

ගුරු විභාගයට වයස් සීමාව සංශෝධනය කිරීමේ එකඟතාවක්!

කොළඹ LNW:2021වසරෙන් පසු ගුරු වෘත්තීය සඳහා බඳවා ගැනීම් සිදු...

හල්ලොලුවට ඇප නෑ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28,කොළඹ LNW : ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු...