*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/10

1. ඉන්දියාවේ Adani සමූහය, John Keells Holdings සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඇ.ඩො. මිලියන 700 කට වැඩි ආයෝජනයකින් කොළඹ බටහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉදිකිරීම් ආරම්භ කරයි –  මෙම ව්‍යාපෘතිය, ගොඩනැගීම-ක්‍රියාත්මක කිරීම-මාරු කිරීම (Build-Operate-Transfer) ආකාරයේ ව්‍යාපෘතියක් ය.

2. COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා (Kristalina Georgiva), ගහනාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි අට්ටා (Ken Ofori-Atta) සහ මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් යන අය සමඟ ණය කළමනාකරණය පිළිබඳව සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

3. විදුහල්පතිවරුන් බඳවා ගැනීම අත්හිටුවීමේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත් කිරීමෙන් පසු විදුහල්පතිවරුන් 4000ක් රජයේ සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කරයි – පාසල් පද්ධතියට විදුහල්පතිවරුන් 16,000 ක් අවශ්‍ය වූවත් දැනට සිටින්නේ විදුහල්පතිවරුන් 12,000ක් පමණක් බව ද පවසයි.

4. රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමට අදාළ කරුණු අඩංගු වාර්තාවක් තමන් සතුව ඇති බව සමඟි ජන බවවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි – තමාට එය ලැබුනේ “බාහිර” පාර්ශවයක් හරහා ලබා ද පවසයි – එහි අන්තර්ගතය හෙළි කිරීම ප්‍රතික්ෂේප කරයි – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතා දැන් මාස 8 කට ආසන්න කාලයක් ගත වී ඇත. එතැන් සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ද්විපාර්ශ්වික මූලාශ්‍රවලින් තවමත් කිසිඳු අරමුදලක් ලැබී නැත.

5. 2020 දී සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කපා හැරීමෙන් පසු රජයට රු. බිලියන 16 ක ආදායමක් අහිමි වූ බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි – අහිමි වූ ආදායම අයකර ගැනීම සඳහා නුදුරේදීම එම බද්ද නැවත පැනවිය හැකි බව විශ්ලේෂකයෝ අනුමාන කරති.

6. ඉදිරි අයවැයේදී රජයට සහය දැක්වීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 13කට ආසන්න පිරිසක් ජනාධිපතිවරයාගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට එක්විය හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසයි – මෙකී මන්ත්‍රීවරුන් අතරින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අයවැය කතාව පැවැත්වෙන දිනයේ දී එක්වීමට අපේක්ෂා කරන බවට වාර්තා වෙයි.

7. 2022 නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 දක්වා පනවා ඇති “පොදු සමා කාලය” (general amnesty) තුළ, දැනට විදේශගතව සිටින ත්‍රිවිධ හමුදාවේ සේවයට වාර්තා නොකළ නිලධාරීන් අදාළ අංශ වෙත වාර්තා කළහොත් නීත්‍යානුකූලව මුදා හැරීමට ආරක්ෂක අමාත්‍යාංශය අනුමැතිය ලබා දෙයි.

8. ශ්‍රී ලංකා මහ බැංකුව, මාස 03 කදී නිකුත් කරන ලද සම්පූර්ණ භාණ්ඩාගාර බිල්පත්වලින් සියයට 95.8ක්ම, නැතහොත් රු. බිලියන 80.9 ක්ම, නිකුත් කර ඇත්තේ සියයට 33.14 ක විශ්මයජනක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ය – මෙම පසුබිම තුළ ණය පොදි ගැසෙනු (bunching) ඇති බවට විශ්ලේෂකයහු අනතුරු අඟවති – මෙම වසරේ මේ දක්වා රජයට දැරීමට සිදුව ඇති අතිරේක පොලිය රු. බිලියන 600 ඉක්මවා ඇති බව දා වාර්තා වේ.

9. “Dating App” එකක් හරහා හඳුනා ගත්තේ යැයි කියන ඕස්ට්‍රේලියානු කාන්තාවකට ලිංගික අපයෝජන කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධියට අදාළ තොරතුරු මාධ්‍ය විසින් වාර්තා කිරීම වළක්වාලමින් පනවා තිබූ නියෝගය සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ඉවත් කරයි – 2023 ජනවාරි 12 වැනි දින නඩුව නැවත කැඳවීමට නියමිතය – ඇප අයදුම්කිරීම ඊට පෙර සිදුකරනු ඇත.

10. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නවතම ICC T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානය දක්වා ඉදිරියට! – මහීෂ් තීක්ෂණ 10 වන ස්ථානයට – ICC T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල ද වනිඳු 8 වන ස්ථානයට පත් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan