*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ජවිපෙට වැටුණු පාර්ලිමේන්තු ක්‍රිකට් බවුන්සර් සහ ක්‍රිඩාමය වශයෙන් නිවැරදි විය යුතු පාර්ලිමේන්තු වගකීම්

ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණයකට එළැඹෙන අවස්ථාවේදී ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවීම පිළිබඳව ඔවුන් පවතින පාලනයට එකඟද යන්න සම්බන්ධයෙන් සැකයක් පැන නැඟිය හැකි බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නට යෙදුණා.ඔහු ඒ අදහස් ප්‍රකාශ කළේ,අමාත්‍යවරයාගේ කතාව ඇතුළත පාර්ලිමේන්තුවේ සිටින සංයුතිය ගැන සිහිපත් කිරීමේදී ආණ්ඩු පක්ෂයෙන් පැන නැඟුණු විරෝධතා පදනම් කරගෙනය.ඔහුගේ කතාව අතරතුර මතුව ආ මේ විරෝධය නිසා අවස්ථා කිහිපයක්ම යළි යළිත් ක්‍රිඩා අමාත්‍යවරයා ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන නම් සිහිපත් කරමින් කිහිප වරක්ම ඔහු පාර්ලිමේන්තුවේ නැති බව සභාවට විවිධ ආකාරයෙන් සිහිපත් කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ඔහු විසින් පත් කරන ලද ටී.කේ.චිත්‍රසිරි විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව සකස් කළ ක්‍රිකට් සම්බන්ධ නව ව්‍යස්ථාවද පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව අනුමත කළ යුතුය යන්න මෙහිදී අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

මෙහිදී අමාත්‍යවරයා සිය කතාවේදී ක්‍රිකට් ආයතනය උපයන මුදලින් සියයට විස්සක මුදලක් ක්‍රීඩා අරමුදලට යොමු කළ යුතුය යන අදහසක් ද ඉදිරිපත් කළේය.ක්‍රීඩා අරමුදල භාවිතයට ගන්නේ ක්‍රිඩා අමාත්‍යවරයාගේ මනාපයට අනුව කරන යෝජනා සහ ස්ථීර කිරීම් අනුව බැවින් එය තමන්ගේ අභිමතය පරිදි වියදම් කිරීමකට ඉල්ලා සිටීමක් වැනිය.පාර්ලිමේන්තුවට එම අදහසටත් එකඟ වූවේද යන්න පැහැදිීළි නැතත්,මුදල් උපයන කුමන හෝ සංගමයකින් සොයන මුදල්වලින් ප්‍රමාණයක් ආදායමක් සොයා ගැනීමට අපොහොසත් ක්‍රිඩා අමාත්‍යවරයා සහ අමාත්‍යංශය මෙහෙයව අරමුදලට දිය යුතුය යන්න සම්බන්ධයෙන් කරන යෝජනාවනම් සුපිරිසිදු නැති බව අපේ විශ්වාසය ය.

පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින්ට මේ යෝජනාව සිය දේශපාලනය වෙනුවෙන් අතිශය වැදගත් යෝජනාවක්ය.ක්‍රීඩා අරමුදල ජාතික අවශ්‍යයතාවයක් වුව ද,එය විෂය භාර අමාත්‍යවරයාගේ දේශපාලනමය ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ලැබෙන අවස්ථාවක්ය.ඒ නිසා මේ මොහොතේ ක්‍රිකට් ආයතනයට විරුද්ධව අදහස් දැක්වීම ජනප්‍රිය සහ ප්‍රශංසාත්මක ක්‍රියාවක් වුව ද,ක්‍රිඩා අමාත්‍යංශයේ දේශපාලන බලපෑම මත ඔවුන්ගේ වගකීම සනාත කර ගැනීමට නොහැකි ආකාරයේ දුබලතා වසා ගැනීමට ක්‍රිඩාවක පරිපාලනයක් උපයන මුදල් ජාතික ක්‍රීඩා අරමුදලකට යොමු කරන ලෙස බලපෑම් කිරීම වැරදිය.එම ක්‍රීඩා අරමුදල හරහා දෙන ආධාර අවසානයේ සමාජගත වන්නේ ක්‍රිඩා අමාත්‍යවරුන්ගේ අනුහස සහ කැපවීම මත ලැබෙන දේ හැටියටය.

“ඇමතිතුමා නැත්නම් අපිට ඉතිං මේ කිසි දෙයක් නැහැ” යනුවෙන් ක්‍රීඩා අරමුදලෙන් දෙන පරිත්‍යාග රස විදීමේ මානසිකත්වය සහිත ක්‍රිඩා පරිසරයක කුමන හෝ ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට වැඩ පිළිවෙලක් සහිත ක්‍රීඩා පරිපාලනයක් මුදල් ඇමතිවරයාගේ ආශිර්වාදය යටතට පත් කිරීම යුතු නැති බව අපේ විශ්වාසය වන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් යාපනයේ සිට රටේ විවිධ පැතිවල ක්‍රිඩාවන් නඟා සිටුවීමේ අරමුණෙන් ක්‍රිකට් ක්‍රිඩාවට අදාළව ක්‍රීඩාංගණවල සිටි විවිධ භෞතික සාධක සැපයීමට මුදල් වියදම් කර ඇත.එසේම පිළිකා රෝහලට,රිජ්වේ ආර්යා ළමා රෝහලටකරන ලද පරිත්‍යාග ඩොලර් මිලියන ගණන්ය.මේ අවස්ථාවන් දෙකටම ක්‍රීඩා අමාත්‍යවරයා ද විෂයභාර අමාත්‍යවරයා ලෙස එක් වී ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා පවසන ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 100 ක් ද පරිත්‍යාග කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සුබසාධක අරමුදලටත් රුපියල් මිලියනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිත්‍යාග කර ඇත.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලෙ සඳහා ලක්ෂ දෙසිය විසිපහක අනුග්‍රාහකත්වය ලැබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින්ය.ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකයන් වෙත රුපියල් ලක්ෂ විස්ස බැඟින් පරිත්‍යාග කළ අතර නෙට්බෝල් සංගමයට උපකරණ ලබා ගැනීමට මුදල් පරිත්‍යාග කළේ ද ශ්‍රී ලංකා ක්‍රිකට්ය.එසේම මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී ජයග්‍රහණය කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් සහ පුහුණුකරුවන් දෙදෙනෙක් වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල රුපියල් ලක්ෂ දෙසිය අසූවකි.

ළමා හදවත් සැත්කම් සඳහා එල්පීඑල් තරගවල ලාභයෙන් මුදලක් වෙන් කර පරිත්‍යාග කළ බව ද කියැවිණි.එහෙත් ක්‍රිඩා අමාත්‍යවරයා පවසන පරිදි එම තරගාවලියෙන් රටට ඉපැයීමක් සිඳු නොවන බව කියන නිසා එම මුදල් පරිත්‍යාගයන් ශ්‍රී ලංකා ක්‍රිකට් එසේ හඳුන්වන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් වන අතර නමුත් මුදල් පරිත්‍යාගයක් සිඳු වූ බව ඇත්තකි.

දැන් මේ පරිත්‍යාගයන්ට අමතරව තවත් පරිත්‍යාග සිඳු වී ඇති අතර ඒවා ක්‍රීඩාවටම නොවන අවස්ථාවන් ද හෙළිදරුව් වේ.ඒවා ඉපැයීම සඳහා සැළසුම් සකස් වන්නේ තරගාවලි සංවිධානය වන්නේ ශ්‍රි ලංකා ක්‍රිකට් ඒ කෙරෙහි කරන මැදිහත්වීම්වල ප්‍රමාණයට අනුවය.වැදගත් දේ ඒ කරුණ තේරුම් ගැනීමය.ඒ නිසා ඒ වෙහෙසට සරිලන සේ ඉපැයීමෙන් ලැබෙන දේ එම පරිපාලනයට හැඟෙන පරිදි සුදුසු ලෙස නෛතිකව වියදම් කිරිම මිස එහි විශාල කොටසක් රටේ ක්‍රිඩාවේ දේශපාලන නායකයාගේ කැමත්ත මූලික කරගෙන ක්‍රියාත්මක වන ක්‍රිඩා අරමුදලට ලැබීම වැදගත් කියා කියන කීමට පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන් එකඟ වන්නේ එය ඔවුන්ට ලැබෙන ආශිර්වාදයක් වන බැවින්ය.උදාහරණයකට මේ මුදලින් කුමන හෝ ප්‍රදේශයක දක්ෂයෙක්ට මුදල් පරිත්‍යාගයක් සිඳුවන්නේ නම් එම ප්‍රදේශයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයා දක්වා එම පිංතූරවලට මුහුණ පෙන්නීම සාමාන්‍ය සිරිත බව නොදන්නා මාධ්‍යයක් සිටිය නොහැකිය.

පාර්ලිමේන්තුවේ එකඟ වීම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඒ එකඟත්වය මත ඉවත්කිරීම යන කාරණා නීතියේ රාමුව යටතේ සිදුවන ආකාරය ගැන ආදි කරුණු ගැන පාර්ශවකරුවෙක් වීමට අපට අවශ්‍යය නැත.එහෙත් මේ පොළවේ ක්‍රීඩාවට දේශපාලනමය වශයෙන් බලපෑම් කිරීමට හැකි බලය අවම කර මෙවැනි තත්ත්වයක් විමසීම සඳහා පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු කාරක සභාවක් ඇති කිරිම සහ එවැනි ජාතික ක්‍රීඩා සභාවක් ඇති කිරීමෙන් මහජන නියෝජිතයන්ට රටේ ක්‍රිකට්වලට සීමා නොවුණු ක්‍රීඩාමය මැදිහත්වීමක් කළ හැකිය.නමුත් මේ විවාදය ක්‍රිකට්මය වී අනෙක් ක්‍රීඩාවන් නොසළකා හැරීම මෙම විවාදයන් තුළ ද හොඳින් දකින්නට තිබිණ.

රටේ ක්‍රිඩා සංගම් දෙකක් පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් තහනම් විය.ඒවා ගැන තහනම් වී තිබියදීත් මේ පාර්ලිමේන්තු නියෝජිතයන් විවාදයක් ගත්තේ නැත.රගර් ක්‍රීඩාවට එම තහනම නිසා එම ක්‍රීඩා පරිපාලනය,ආසියානු පදක්කමක් අපේක්ෂාවෙන් කළ වැඩ පිළිවෙල නවතා දමන්නට සිඳු විය.සිව්වන තැනට සිටි කණ්ඩායම දහවන ස්ථානයට පහත වැටිණ.තවමත් එම ක්‍රිඩාවේ ආසියානු ප්‍රධානීන්,ඔලිම්පික් ක්‍රීඩාවක් සම්බන්ධයෙන් විය යුතු වැඩ සටහනින් බැහැරව කටයුතු කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා සමඟය.එම ආසියානු සභාපතිවරයාගේ උවමනාවන්ට අනුව යමින් අමාත්‍යවරයා කළ තහනම නිසා පුහුණු වැඩපිළිවෙල අසාර්ථකව ශ්‍රී ලංකාවේ රගර් පහතට වැටුණත්,ආසියානු සභාපතිවරයා නියෝජනය කරන රටේ කණ්ඩායම ශ්‍රී ලංකාව අභිබවා අන්තිම තැන සිට මෙවර ක්‍රිඩා උළෙලේ පස්වන තැන දක්වා ඉහළට ආවේය.

මේ කිසිවක් පාර්ලිමේන්තුවේ කතාබහට ලක් නොවිණි.අමාත්‍යවරයා විසින් තහනමට තුඩු දුන් ගැසට් ඉවත් කරගන්නා ගැසට් නිවේදනය කළේය.පාපන්දු තහනමට හේතු වූ අමාත්‍යවරයා පිළිනොගත් ව්‍යවස්ථාව පිළිගෙන ගැසට් නිවේදනය කරන්නට සිඳු විය.මේ කිසිවක් අඩුම තරමේ විපක්ෂ නායකවරයා ක්‍රිකට් වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රිකට් වෙනුවෙන් ඉදිරිපත් වුණත්,අන් ක්‍රීඩා වෙනුවෙන් වචනයකින් හෝ ඉදිරිපත් වන්නට යොදා ගත්තේ නැත.ක්‍රිකට් හෝ ක්‍රීඩාව රටකට අදාළ නැත වැනි හැඟීමකින් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රිකට් විවාදය මඟ හැරිය ද දන්නේ නැත.ඔවුන් ද තාර්කිකව රගර් හෝ පාපන්දු තහනම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නොනැඟීය.

පාර්ලිමේන්තුව ක්‍රිකට්මය නොවී මේ තත්ත්වය හමුවේ හෝ ක්‍රිඩා අමාත්‍යංශයේ සහ ක්‍රිඩා අමාත්‍යවරයාගේ සම්පූර්ණ හැසිරීම සහ ක්‍රීඩා පනතේ ඇති,ක්‍රිඩාවට දේශාපාලන බලපෑම් එල්ල කරන්නට ඇති ඉඩ හැකිලීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකට යා යුතුය.අපට අනුව ක්‍රිකට්මය විවාදයේ දී පාර්ලිමේන්තුවේ එකඟතාවයන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් දැලි පිහියෙන් කිරි කෑමක්ය.

රටේ ක්‍රීඩාවට පාර්ලිමේන්තුවට පක්ෂ විපක්ෂ බේදයෙන් මැදිහත්වීමට තියෙන අවස්ථාවන් මේ විවාදය හරහා එළියට ගන්නට තිබිණ.පුද්ගල රුචිකත්වයකට අනුව නොයමින් පාර්ලිමේන්තුව ජාතික ක්‍රීඩා සභාව ලෙස එම වගකීම් සහිතව වෙනත් කමකින් හෝ පෙනී සිටින්නේනම් වැදගත්ය.නැතිනම් ක්‍රිකට්මය වන මහා ධන උල්පත සම්බන්ධයෙන් උණුවෙන මහජන නියෝජිතයන්ගේ හඳුන්පොත අනෙකුත් ක්‍රීඩාවන් වෙනුවෙන් සංවේදී වන්නේ නැත.

ටෝකියේ ඔලිම්පික් උළෙලෙන් පසුව විවරණයක යෙදුණ ක්‍රීඩා අමාත්‍යවරයා වූ නාමල් රාජපක්ෂ මහා පත බොරුවක් කියමින් එම ක්‍රීඩා උළෙල නියෝජනය කළ නිමාලි ලියනාරච්චි සිය ධාවන පාවහන් රහිතව ක්‍රීඩා උළෙලට සහභාගි වූ බව කීවේය.පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී කළ එම ප්‍රකාශය වැරදි බව පසුව දැන ගත්තත් නාමල් රාජපක්ෂ එය ඉල්ලා අස් කර ගත්තේ නැත.පාර්ලිමේන්තුවේ කිසිඳු නියෝජිතයෙක් එය ඉල්ලා අස් කර ගන්නට කිව්වෙත් නැත.

නාමල් රාජපක්ෂ සිඳු කළේ ක්‍රීඩිකාව ගෙන්වා ඇයගේ පාදයේ ආබාධයට නවලෝක රෝහලේ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කිරීම පමණි.නාමල් ගේ දේශපාලන බල ප්‍රදේශයේ බැවින් ඇයට ඉදි කරන නිවස ගැන කතා කිරීම පමණි.ලංකාවේ ක්‍රිඩා චරිත ද එබඳුය.සිය අනාගත පරම්පරාවටම බලපාන ලෙස හැන්සාඩ් ගතව ඇති අපකීර්තියේ කතාව තමන්ට දෙන සුළු උදව්වකින් වසා ෂේප කර දේශපාලකයාගේ බොරුව සදාකාලික ඇත්තක් කරන්නට ඉඩ දීමට දී නිහඩව බලා සිටින්නේය.

කෙසේ හෝ පාර්ලිමේන්තුව එක හඬකට ක්‍රිකට් නිසා පිවිසීම වැදගත්ය.පාට පක්ෂ නැතුව වැඩ කළ හැකි බව පෙන් වූ අවස්ථාවක්ය.නමුත් පාර්ලිමේන්තු නියෝජිතයන් රටේ එකම ක්‍රීඩාව ක්‍රිකට් නොවන බව දැන වැඩ කළ යුතුය.ඩොලර් කඳුවලට සුසුමුලන පාර්ලිමේන්තුව රටේ කෑම බීම පවා හරි හැටි නොලබන ක්‍රීඩකයින් සිටින ක්‍රිඩාවන් පොහොසත් කරන්නට අවශ්‍යය වගකීම ගෙන එකතු වන්නේ නැත.රටේ ක්‍රීඩා කරන්නට අපහසුම ක්‍රීඩා භාණ්ඩවල අධික මිල ගණන්ය.එ්වා බද්දෙන් නිදහස් කරන්නට ක්‍රීඩා ඇමතිට බලය දෙන්නට සහ ඇමතිට කැබිනට් අනුමැතිය ගන්නට බල කරන්නට එකතු වන පාර්ලිමේන්තුවක් නැත.

ප්‍රමිතියට හැඳෙන ක්‍රීඩා භාණ්ඩ ලංකාවේ නැති කරම්ය.ඒවා නිෂ්පාදනය කරන උනන්දුවක් දක්වන ව්‍යවසායකයන් නිර්මාණය කිරීමට සහ ඔවුන් උනන්දු කිරීමට වැඩ පීළිවෙලක් නැත.හැම ගමකම පිට්ටනිවල සිටින තරුණ සහ ළමා පරපුර රටට වැදගත් ක්‍රීඩකයෙක් කරන්නට නොහැකිය.නිරෝගි මිනිසෙක් කිරීමට හැකිය.එහෙත් ඉන් නොනැවතී ඔවුන්ගෙන් බහුතරයක් ක්‍රීඩාව හා සබැඳි වෙනත් විෂයන්වලට යොමු කිරීමේ පසුබිමක් සැකසිය හැකිය.පාසල් ක්‍රීඩා විෂය නිර්දේශයේ තවමත් ක්‍රීඩාව ලෙස උගන්වන විෂය නිර්දේශය කෙතරම් කුඩා ද,

ක්‍රීඩාව උගනින සිසුවන්ට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව ගැන, මනෝ විද්‍යාව ගැන,පෝෂණය ගැන කිසිවක් මූලික වශයෙන් උගන්වන්නේ නැත.ක්‍රීඩා විලාසිතා කියා විෂයක් ඇති බව සමහර අධ්‍යක්ෂවරු දන්නේ ද නැත.ඒ නිසා ක්‍රිඩා ඇදුමක තිබිය යුතු ගුණාංග සහ ශරීරය ආබාධවලට ගොදුරුවීම වළක්වා ගැනීමට තිබිය යුතු රෙදිවල සංයුතිය දරුවන්ට මේ විෂය ඇතුළෙ උගන්වන්නේ නැත.ඇදුමේ හැඩය සහ විලාසිතාවන් යන්න ක්‍රිඩක මනසට කෙතරම් වැදගත් ද යන්න උගන්වන්නේ ද නැත.

ක්‍රීඩා ඉංජිනේරු තාක්ෂණයක් ඇත.අඩුම තරමේ උපකරණයක් සාදා ගන්නට යොදා ගන්නා ලෝහයන් සහ ඊට හේතු කවරේද යන්න දරුවන් ඉගෙන ගන්නේ නැත.විවිධ මෘදුකාංග ක්‍රීඩාවට අවශ්‍යය වන්නේ ය.ඒවායේ මූලික සැළසුම් දරුවන්ට උගන්වන්නේ නැත.සාහිත්‍යමය වශයෙන් සිංහලවලට උගන්වන මීටර් සියය අපි කවුරුත් දනිමු.නමුත් ක්‍රීඩා විෂයට එවැනි සාහිත්‍යයක්,විශිෂ්ඨයන්ගේ චරිත කතා ඇතුළත් නැත.ඒ සම්බන්ධ සිනමා නිර්මාණ අදාළ කර ගෙන නැත.ඒ නිසා පාර්ලිමේන්තුවේ ක1ීඩාව ගැන දැනුමක් නැති බහුතරයකට ක්‍රීඩාව ගැන කතා කරන්න ශිල්පීය වශයෙන් දැනුමක් අවශ්‍යය නැත.ක්‍රීඩාව ගැන ඉහළ දැනුම් මට්ටමේ ප්‍රශ්න කිරීම්වලට සමාජය හෝ මාධ්‍යය සූදානම්ව නැත.ඒ නිසා සල්ලි තියෙන ක්‍රිකට් ගැන කතා කරාට සශ්‍රීක ක්‍රීඩා පොළවක් කරන්නට අවශ්‍යය විවාදය පාර්ලිමේන්තුව තුළ සිඳුවන්නේ නැත.ලංකාවේ ක්‍රීඩාව ක්‍රීඩා අධ්‍යාපනයේ සිට වෙනස් කළ යුතු ආකාරය ගැන සැළසුම් සකස් කරන පාර්ලිමේන්තුවක් වෙනුවට මහා සල්ලි කන්දක් හොල්ලන්නේ කෙසේද සහ එය දේශපාලකයාගේ අත් අඩංගුවේ තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකදී පාර්ලිමේන්තුව ඊ ළඟට එළැඹෙන්නට උත්සාහ කරන තැන අපට පැහැදිළිය.

බලයට එන දේශපාලකයාට ක්‍රිකට් හරහා සිය දේශපාලන ප්‍රතිරූපය පුම්බාගත හැකි පරිදි විශාල අරමුදලක් රැස් කර ගැනීමට පාර නීත්‍යානුකූලව සකසා ගැනීමය.ඒවා පරිත්‍යගා ලෙස සිඳු කරන විට නායක නායකාදීන්ගේ සිට එක පෙළට ඡායාරූපවල සිට ලකුණු දා ගන්නට ඉඩ ඇත.සපත්තු දෙකක් පරිත්‍යාග කරන විටත් ඒ අනුව සිය හිතවතුන්ට සංග්‍රහ වියදම් ලෙස දිය හැකි මුදල් සපත්තු දෙක මෙන් විසි තිස් ගණයක් විය හැකිය.

ක්‍රිකට් පරිපාලනය ගැන නිවැරදිව නීත්‍යානූකූලව තීරණය ගැනීමට පාර්ලිමේන්තුව එකතු වීමෙන් ඒ හරහා හැදෙන එකඟතාවයන් වේනම් එය සමස්ත ක්‍රීඩාවේ උන්නතියට සකස් කරන්නේ කෙසේ ද යන්න වෙත මිස දේශපාලකයාට ක්‍රීඩාවේ හැඩය තිරණය කරන්න දෙන ඇටවුමක් අටවාගන්නට නොවිය යුතුය.මේ එකඟතාවයන් හරහා පැහැදිළි වන නරක තත්ත්වය සහ මහජන නියෝජිතයන්ගේ අදහස් දැක්වීමෙන් හැඟෙන තත්ත්වය පැහැදිළි කරන්නේ ඔවුන්ට මහජනතාව ඡන්දය දුන් පසුව එය රිසි සේ හැසිරවීමට බලයක් ලැබෙන බවය.

රනිල් වික්‍රමසිංහට ද මෙය හොඳ පාඩමකි.දේශපාලකයාගෙ බලපෑමෙන් තොරව රටේ ප්‍රමිතිගත සමාජ ක්‍රමයකින් පුරවැසියා තෘප්ත කිරීමේ අපේක්ෂාවන් දල්වන්නට පත්තු වූ අරගලයෙන් තමන්ට මාරු වුණ බලය,ඔහු එතැන් සිට යොදා ගනිමින් සිටින්නේ ඒ සමාජ අපේක්ෂාවන් පාගා දමා පුරවැසි අරගලය දේශපාලකයාගේ උවමනාවන්ට යටත් කරන්නටය.ඒ නිසා මේ විවාදයේදී පාර්ලිමේන්තුව හැසිරෙන්නේ ක්‍රිකට්මය පෙරළා දැමීමකට එහා ගිය මහජන නියෝජිතයාට සිතූ දේ කළ හැකි ස්ථානයක් බවට පාර්ලිමේන්තුව පෙන්වීමටය.එය රනිල්ගේ සීමාවද අතික්‍රමණය තරන සුළු එකක් බව පැහැදිළිය.

කෙසේ හෝ මේ ක්‍රිකට්මය පාර්ලිමේන්තුව රටේ ක්‍රීඩා අධ්‍යාපනයේ සිට රටේ පොඩිම තැන පොඩිම ක්‍රීඩාව කරන පොඩිම එකාටත් බදු බර පැටවෙන සෙල්ලමක් වි තිබීම වෙනස් කරන තැන දක්වා පුළුල් සංවාද මණ්ඩපයක් වෙන්නේනම් යහපත්ය.එහෙත් මේ විවාදය ඇතුළේ ද ආණ්ඩුවට සහ විපක්ෂයට ක්‍රිකට්වලට එරෙහිවීමේ ගෞරවයේ වැඩි පංගුකාරයන් වීමට තිබුණ අවශ්‍යයතාවය පැහැදිළි විය.විශේෂයෙන්ම පෙරේදා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා පෙන්වා විපක්ෂයට පෙන්වා දුන්නේ “විරුද්ධ වෙයං අපි කියන හැටියට” වැනි දෙයක්ය.

මෙහිදි ක්‍රිඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කරුණු අනුව නීතියේ දෙවඟනට සිඳු වි ඇති දෙය පමණක් නොව දේශපාලකයා ඔහුට රාජ්‍යය නිලධාරියා පාලනය කරන්න තියෙන සීමාව නොදැන සිටීමත් පැහැදිළි විය.නැතිනම් බලපෑම් කිරීමට ඇති හැකියාව අසීමාන්තික විය යුතු බව හැඟුණේය.විගනකාධිපතිවරයා අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි සියල්ල ලබා නොදීම ගැන කතාව යම් කිසි ආකාරයකින් පැහැදිළි කළේ අමාත්‍යවරයෙක් නොසළකා හැරීම පිළිබඳවය.එසේම නීතිපතිවරයා ද සිටින්නේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ට අනුව ඔහුගේ වේගයට ක්‍රියාත්මක විය යුතු මට්ටමේ බව ක්‍රිඩා අමාත්‍යවරයාගේ අදහස් දැක්වීම්වලින් පැහැදිළි විය.

මේ මොහොතේ බහුතර ජනතාව සිටින්නේ මේ දක්වා එපා යැයි කි 225 පැත්තේය.ඒ ක්‍රිකට් නිසාය.එහෙත් එසේ සිට ගැනීමට හැකි වීමට ක්‍රිකට්මය ලෙස සීමා නොවුණු සහ ක්‍රිකට්මය වූ ද වෙනස්කම් කිහිපයක් ක්‍රිකට් සහ සමස්ත ක්‍රීඩා කේෂ්ත්‍රයේ සිඳුවිය යුතු බව අපි අපේක්ෂා කරමු.ජාතික ක්‍රීඩා සභාව අමාත්‍යවරයාගේ කැමත්ත අනුව පත්වීම වෙනුවට එය නිර්දේශපාලනික ව්‍යහුයක් විය යුතුය.එයට පක්ෂ විපක්ෂ නියෝජනයක් අවශ්‍යය වන අතර පක්ෂ නායකයන් එක්ව එයට නම් ඉදිරිපත් කිරීම සහ ඊන් අනතුරුව පක්ෂ නායකයන් වැඩි දෙනෙක්ගේ අනුමැතිය ඇතිව සභාව පත් කිරිම දක්වා පුළුල් විය යුතුය.එසේම ක්‍රිකට් ක්‍රීඩක කළමණාකාරීත්වය කුමන සුදුසුකම් සහිත විය යුතුද යන්න පවසා ඒ සඳහා සුදුසුකම් පිළිබඳ එකඟතාවයක් ඇති කර ගත යුතුය.කිසියම් ක්‍රීඩකයෙක් සිය කළමණාකාරීත්වයට සුදුසු පුද්ගලයෙක් තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම අප යෝජනා කරන ජාතික ක්‍රීඩා සභාවේද එකඟතාවය ලැබිය යුතුය.දැනට සිටින කළමණාකරුවන් ද ඒ ආකාරයට සළකා බලා අවශ්‍යය සුදුසුකම් සපුරා නැති පිරිස් ඉවත් කිරීමට ක්‍රියා කළ යුතුය.එසේ නොවන්නේනම් යෝජනා කරන සුදුසුකම් නැති කළමණාකරුවන් යටතේ සිටින සියලු ක්‍රීඩකයින් පිළිබඳව දත්ත ලබා ගෙන ඉන් ඉදිරියට ක්‍රීඩක කළමණාකරු ලෙස කටයුතු කිරීමට ඉඩ නොදිය යුතු අතර එසේ කිරීමට ඉදිරිපත් කරන අධ්‍යාපනික සුදුසුකම් සපුරා තිබීම සළකා බැලිය යුතුය.

අඩුම තරමේ මෙවැනි තත්ත්වයක් ආ විට හැම ක්‍රීඩාවක් ගැනම පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන්ට දැන ගැනීමට ඉඩක් ලැබෙන්නේය.එසේ නොවන තාක් වෙනත් ක්‍රීඩාවන්ට සිදුවන කිසිඳු අකටයුත්තක් අසාධාරණයක් ගැන මහජන නියෝජිතයන් අදහස් ඉදිරිපත් නොකරන අතර සල්ලි යහමින් ඇති ක්‍රිකට් රැකීම පමණක් වගකීම කොට සිතනු ඇත.ඊයේ ද ක්‍රිකට්මය සංවාදයකට මැදි වූ පාර්ලිමේන්තුවේ අන් ක්‍රීඩාවන්ට ක්‍රිකට් මෙන් නොසළකන බව හෝ ටක්කෙටම කියවුණේ නැත.

එසේම විවාදයකින් ඉවත් කිරීමට එකඟ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාර්ලිමේන්තුව අපේක්ෂා කරන්නේ කුමන තත්ත්වයක්ද?එයද පළල්ව සංවාදයට ගත යුතුව තිබුණේය.ක්‍රිඩාමය ලිවීම රොෂාන්මය වැනීම්වලින් තොර වූ විට ඔහුට පමණක් නොව ඇති වී තිබෙන රැල්ලට ද ශම්මිලාගේ ක්‍රිකට්වලට කඩේ යාමක්ය.එවැනි ලේබල මේ වන විට සෑහෙන ප්‍රමාණයක් සකසා අලවන්නට විවිධ පාර්ශව වගකීම භාරගෙන තිබේ.එය හරියට 2019 දී ගෝඨාමය නොවුණ සුළුතරය දේශද්‍රෝහී රට,දැය ආගම ගැන හැඟීමක් නැති උන් බවට ඇලවුණ ලේබලය මෙන්මය.මේ මොහොතේදී වැදගත්ම සංවාදය බවට පත්විය යුතු බව අප විශ්වාස කරන්නේ අර්ජුන ද,ශමිමි ද,රොෂාන් ද යන්න නොව ක්‍රිකට්මය සහ ක්‍රිඩාමය අනන්‍යතාවය සහ දක්ෂතාවය සුරක්ෂිත කරන පොළවක් සැකසීම වෙනුවෙන් සමාජය හැඩ ගැසෙන්නේ කෙසේද යන්න පිළිබඳ පළල් කථිකාවක්ය.එය පුද්ගල චරිත ළඟ තිරිංග වැටීමෙන් නැවතී ඇත.

කෙසේ වුව ද ක්‍රිකට් විවාදය සම්බන්ධයෙන් පිළිතුරු කතාව කළ රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ කතාව මේ සමඟ එකතු කරන්නේ අපගේ සටහන අනුව යමින් එහි ඇති හොඳත් නරකත් කියවාගෙන ඔබේ මැදිහත්වීමේ හැඩය කෙසේ විය යුතුද යන්න තීරණය කිරීමට ආරාධනයක්ද සමඟින්ය.

https://fb.watch/odzGLHV3ox/


සටහන – නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan