*
Sunday, December 8, 2024
spot_img

Latest Posts

කවුරු බලයට ආවත් අංක එක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමයි!

කොළඹ LNW:මහ මැතිවරණයට ඉතා ආසන්න මෙම දින කිහිපය තුළ පමණක් නොව මැතිවණයෙන් අනතුරුව ද ජනතාව අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ තහවුරු කිරීම් සියළු දේශපාලන පක්ෂවල මෙන්ම සෑම අපේක්ෂකයෙකුගේ ද වගකීම විය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බැවින් රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියට අනුගතව තමන් සතු වගකීම් ඉටුකිරීමට ක්‍රියාකරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම පාර්ශවයක් වෙතින්ම ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

රට මුහුණ දී සිටින බංකොලොත් බැවින් මුදාගනිමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තෝරාපත්වන මහජන නියෝජිතයන්ට පැවැරෙන පළමු වගකීම බවද එ අවධාරණය කර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කර ඇති ඇති සම්පූර්ණ නිවේදනය,

සදාචාර සම්පන්න දේශපාලන භාවිතයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කිරීමට සියළුම දේශපාලන පක්ෂවලට වගකීමක් තිබේ.

තව දින තුනකින් පසු මේ රටේ ජනතාව විසින් තෝරා පත් කරගන්නා මහජන නියෝජිතයන්ගෙන් සමන්විත නව පාර්ලිමේන්තුව වෙත ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා විශාල කාර්‍යභාරයක් පැවැරී ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

විශේෂයෙන්ම පසුගිය මෑත ඉතිහාසයෙහි පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබුණු වගකීම් විරහිත තත්ත්වයන් සලකා බලද්දී බලයට පත්වන ආණ්ඩුවට සේම විපක්ෂයට ද එහිදී පැවරෙන්නේ දැවැන්ත වගකීමකි. එහිදී මේ වන විට අප මුහුණ දී සිටින බංකොලොත් බවින් රට මුදාගනිමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම තෝරාපත්වන මහජන නියෝජිතයන්ට පැවැරෙන පළමු වගකීම වනු ඇත. එමෙන්ම මහජතාව අපේක්ෂා කරන නව දේශපාලන සංස්කෘතියක ඇති අවශ්‍යතාවය අන් සියල්ලන්ට පෙර නව පාර්ලිමේන්තුවෙන්ද පිළිබිබු විය යුතුය. එහිදී ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද දැවැන්ත කාර්‍යභාරයක් පැවැරෙනු ඇත.

මෙම කරුණු පිළිබඳව අප මෙසේ අවධානයක් යොමුකරන්නේ පසුගිය දිනවලදී මැතිවරණ ක්‍රියාවලිය තුළ අප්‍රසන්න සිදුවීම් කිහිපයක් ද දැකගන්නට ලැබුණ හෙයිනි. පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී සාපේක්ෂ වශයෙන් මඩගැසීම්වලින් තොරව පවත්වාගෙන ආ යහපත් දේශපාලන ප්‍රවණතාවය මෙම මහ මැතිවරණ සමය තුළ ඇතැම් අපේක්ෂකයන් විසින් අපවිත්‍ර කරනු දක්නට ලැබීම කණගාටුවට කරුණකි.

එබැවින් මහ මැතිවරණයට ඉතා ආසන්න මෙම දින කිහිපය තුළ පමණක් නොව මැතිවණයෙන් අනතුරුව ද ජනතාව අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ තහවුරු කිරීම් සියළු දේශපාලන පක්ෂවල මෙන්ම සෑම අපේක්ෂකයෙකුගේ ද වගකීම විය යුතුව ඇත. මේ බව අප සිහිපත් කරන්නේ ඉතාමතම සද්භාවයෙනි. එබැවින් රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියට අනුගතව තමන් සතු වගකීම් ඉටුකිරීමට ක්‍රියාකරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම පාර්ශවයක් වෙතින්ම ඉල්ලා සිටින්නෙමු.

සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan